ජනපතිගේ වියට්නාම් රාජ්‍ය සංචාරය 04දා ඇරඹෙයි

0
4


වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංග් (Luong Cuong)ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි 04 වන දා සිට 06 වන දා දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය. ඒ වෙනුවෙන් ජනාධිපති මැයි 03 වැනි දින රාත්‍රියේ දිවයිනෙන් පිටවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 55ක් සැපිරීම සනිටුහන් කරමින් සිදු කෙරෙන ජනාධිපතිවගේ මෙම වියට්නාම් රාජ්‍ය සංචාරය තුළින් දෙරට අතර පවතින ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපති, වියට්නාම් ජනාධිපති සහ අගමැති සමඟ නිල සාකච්ඡාවල නිරත වීමටත්, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමු වීමටත් නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
තවද හෝ චි මිං නගරයේදී මැයි 06 වැනි දින ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එහි ප්‍රධාන දේශනයද පවත්වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එසේම, මෙම සංචාරයේදී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද ව්‍යාපාරික ප්‍රජාව හමු වී සාකච්ඡා පැවැත්වීමටද අපේක්ෂිත බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ මෙම රාජ්‍ය සංචාරයට එක්වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here