දින 09ක් පුරා ජනාධිපති ලේකම් කාර්යාලය අසළ අඛණ්ඩ උපවාසයේ නිරත වූ පාසල්වල රාජකාරි කටයුතුවල නිරත සංවර්ධන නිළධාරින් අනුර දිසානායක සමග පැවති සාකච්ඡාවෙන් පසු ගුරු විභාගය ලිවීමට එකඟ වී ඇති අතර ඔවුන් මේ වනවිට උපවාසයද අත් හැර තිබේ.
වසර 07ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්රහණය කරන ලෙස ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය දින 09ක් පුරා ජනාධිපති ලේකම් කාර්යාලය අසළ අඛණ්ඩ උපවාසයේ නිරත වූහ.
මේ අතර අද (03) පාර්ලිමේන්තුවේ දී සභානායක බිමල් රත්නායක සඳහන් කළේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගයට පෙනී සිටීමටත් විභාගයෙන් පසුවත් ඉතිරිවන පිරිස සම්බන්ධයෙන් ඊලඟට සාකච්ඡා කිරීමටත් එකඟතාවයකට පැමිණ ඇති බවය.



1
Saru News










