ජනපති ප්‍රධානත්වයෙන් ICC සමග සාකච්ඡා අරඹයි… ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය බලයලත් කණ්ඩායමකට? – Saru News | සිංහල

0
4

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට හෝ බලයලක් කණ්ඩායමකට පැවරීම ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC)සමග ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති සුනිල් ගමගේ අනාවරණය කරයි.

ඒ අනුව හැකි ඉක්මනින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට හෝ බලයලත් නිලධාරියෙකු හට පැවරීම සිදු වනු ඇතැයිද ඔහු සඳහන් කරයි.

ජනාධිපතිද මෙම සාකච්ඡා සඳහා සෘජුව මැදිහත් වී ඇති බව ඔහු සඳහන් කර සිටී.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා අනිවාර්යයෙන්ම රජයක් ලෙස මැදිහත් වන බවත්, එහි වගකීම වෙනත් අයට භාරදිය නොහැකි බවත්, එය රජයේ වගකීමක් බවත් ක්‍රීඩා ඇමති වැඩිදුරටත් පවසා සිටී.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here