ජනපති අනුරට හිටපු කථානායක කරු ජයසූරියගෙන් ලිපියක්!

0
10

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW :

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධව හිටපු කථානායකවරයෙකු වූ කරු ජයසූරිය මහතා විසින් ලිපියක් යොමු කර තිබේ.

ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය නියෝජනය කරමින් එහි අනුශාසකවරයා ලෙස ඒ මහතා අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත. අදාළ ලිපිය මගින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ මෙරට නිදහස ලබන විට ඉඩම් හිමි උගත්, ධනවත් ප්‍රභූ පන්තියට දේශපාලනය සීමා වී ඇති බවත් 1956 වසරෙන් පසු සාමාන්‍ය පොදු මිනිසාට දේශපාලනයෙන් ඉඩ ලැබුණු බැවින් විශාල සමාජ විපර්යාසයක්ද ඇති වූ බවය.

තවද තමන් ඇතුළුව ඉතා සුළු පිරිසක් මෙම විශ්‍රාම වැටුප සමාජයීය හා පුණ්‍ය කටයුතු සඳහා යෙදවුවද අති බහුතරයක් මන්ත්‍රීවරුන් ජීවත් වන්නේ මෙම විශ්‍රාම වැටුපෙන් බවත් පෙන්වා දෙන කරු ජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අදාළ ලිපිය මගින් ඉල්ලා ඇත්තේ ඉදිරියේදී නව ව්‍යවස්ථාවක් සඳහා පියවර ගැනීමට රජය අදහස් කරන බැවින් එහිදී මෙම කරුණ කෙරෙහි අවධානය යොමු කර සුදුසු පියවරක් ගන්නා ලෙසය.

හිටපු කතානායකවරයා ජනාධිපතිවරයා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින් දක්වා ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here