විදුලි ගාස්තු වැඩිකිරීමට අදාළ යෝජනා ඇතුළත් උපදේශන පත්‍රිකාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට යොමුකර තිබේ.
එහිදී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර ඇත.
ඒ අනුව, පිරිවැය පියවාගැනීම සදහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බවයි විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇත්තේ.
ජුනි 01 වනදා සිට විදුලි ගාස්තු වැඩිකිරීමට නියමිතව තිබේ.
Saru FM Media