ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල ගැන අදහසක් ප්‍රකාශ කරන්න හිතුණා.Sri Lanka Latest News
පළමුවෙන්ම මේ ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලවලින් පේන්නේ ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම කියන එක ඉතාමත් ගතික (වෙනස්වන සුලු) එකක් කියන බවයි. කොයි පක්ෂයටත් මුල් මැතිවරණයේදී ගත් ඡන්ද පදනමට වඩා වෙනස් වෙන ඡන්ද පදනමක් ඊළඟ මැතිවරණයේදී තිබෙන බව සත්‍යයක්. ඒත් මෙවර මාලිමාවේ ඡන්ද අඩුවීම (මාස හයක කාලයක් ඇතුළත) මම හිතන්නේ අපේ ඡන්ද ඉතිහාසයේ එක පක්ෂයකට කෙටිම කාලයකදී සිදුවූ විශාලතම ඡන්ද අඩුවීම ලෙසින් ඉතිහාසගත වේවි. මේකේ තියෙන අනෙක් වැදගත්ම කාරණය තමයි ජාතික ජන බලවේගයේ සමහර නායකයෝ (බිමල්, ටිල්වින් වගේ අය) මේ කඩාවැටීම දැක්කේ නෑ වගේ ඉන්න එක. මම හිතන්නේ අනුර, ලාල් සහ විජිත මේ කඩා වැටීම ගැන සංවේදීයි කියල. ඒ තුන්දෙනා සාමාන්‍යයෙන් මේ තත්ත්වය තේරුම් ගන්න පුළුවන් තැනක ඉන්නේ. ඒත් අනෙක් අය මේ තත්ත්වය තමන්ගේ ජයග්‍රහණයක් වගේ හිතන එක මගින් පෙන්වන්නේ මාලිමාවේ සමහර නායකයෝ ඉන්නේ බරපතළ මිථ්‍යා මතයක බවයි. ඒක විපක්ෂයට තියෙන ‘ප්ල්ස් පොයින්ට්’ එකක් විදියට මට පේන්නේ.
දෙවැනි කාරණය වන්නේ මේ මැතිවරණ ප්‍රතිඵල මගින් විපක්ෂයේ ප්‍රධාන බලවේගය ලෙසින් සමගි ජන බලවේගයේ ඡන්ද පදනමට ලැබුණු එකතුවීම (ක්‍දබඑරසඉමඑසදබ ්බා ඩදඑැ ිය්රු) මදි කියල මම හිතන්නේ. ඒකෙන් කියන්නේ නැහැ සජබෙ ජයග්‍රහණය අඩුවෙන් සැලකිය යුතුයි කියල. ඒත් මීට වඩා වැඩි ‘ගේන් එකක්’ අපි ලැබිය යුතුව තිබුණා කියල මට හිතෙන්නේ. ඒ නිසා ඒ තත්ත්වය වඩාත් විමසිලිමත්ව අධ්‍යයනය කිරීම ඉතාමත් අවශ්‍යයි.
තුන්වැනුව, පොහොට්ටුවේ නැගීම බරපතළ විදියට තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යයි. මම හිතන්නේ පොහොට්ටුව යම් දුරකට ඉස්සුනත් එය රාජ්‍ය බලය දක්වා උස්සන්න නම් බරපතළ වෙනස්කම් රාශියක් ඒ අයට කරන්න වෙනව. ඒත් ඒ පක්ෂය ඒ වගේ ‘රෙෆෝම් එකකට’ සූදානම් නැහැ කියල මට හිතෙන්නේ. ඒ නිසා ඒ පක්ෂයට රාජ්‍ය බලය ගන්න අමාරු වෙයි ආසන්න අනාගතයේ. ඡන්දයෙන් පස්සේ ඒ පක්ෂයේ සිදුකරපු සමහර පත් කිරීම්වලින් පේන්නේ පොහොට්ටුව මේ රටේ සිදුවී තිබෙන දේශපාලන වෙනස තවම තේරුම් අරන් නැහැ කියලා. ඒ තත්ත්වය සජබෙට වාසියක්.
හතරවැනුව එජාපය ගත්ත ඡන්ද ප්‍රමාණය මම බලාපොරොත්තු වූ එකක් නෙමෙයි. ඡන්ද ලක්ෂ 4.8 කියන්නේ ලොකු ඡන්දයක් ඒ පක්ෂය අද ඉන්න තත්ත්වයට සාපේක්ෂකව. ඒ තත්ත්වය හොඳින් තේරුම් කරගෙන අනාගත තීරණ ගන්න අවශ්‍යයි.
පස්වැනුව අපි හැමෝම මේ ඡන්දයෙන් තේරුම් ගන්න ඕනෙ කාරණය තමයි රටේ ඡන්දදායකයන් මිලියන 17 අතරින් හරි අඩක් විතර (මිලියන 8ක් විතර) මේ වනවිට කිසිම පක්ෂයක ගැටගැහිලා නැහැ කියලා. ඒ අය කිසිම පක්ෂයක සාමාජිකයෝ නෙමෙයි කියන එක නෙමෙයි මම කියන්නේ. ඒක ඉතාම පැහැදිලි කාරණයක්. මම කියන්නෙ 2015 ඉඳලා මේ රටේ ඡන්දදායක ප්‍රවණතාවයේ බරපතළ වෙනසක් වෙමින් තියෙනවා කියන එක. ඒ කියන්නේ ‘නිර්පාක්ෂික ඡන්දදායක ප්‍රවණතාව’ බරපතළ ලෙසින් විශාල වෙනව කියන එක. එසේ විශාල වෙන නිර්පාක්ෂික ඡන්දදායක ප්‍රවණතාවට ‘අනුර දිසානායකගේ ආමන්ත්‍රණය’ තමයි තවමත් ප්‍රධාන පිළිගැනීම විදියට තියෙන්නේ. ඒ ආමන්ත්‍රණය ඉතාමත් දුර්වල එකක් බවට පත්වෙමින් තියෙන්නේ. ඒත් ඒක ‘රිප්ලේස් කරන්න (ඍැචක්ජසබට සඑ) පුළුවන් අලුත් ආමන්ත්‍රණයක් නිර්මාණය වෙනතුරු බහුතර ඡන්දදායකයන් ප්‍රමාණයක් ‘වේට් ඇන් සී (අ්සඑ ්බා ිැැ)’ ප්‍රතිපත්තියක ඉන්න බව තමයි මේ ඡන්දයේ ප්‍රකාශිත සහ අප්‍රකාශිත ඡන්දයෙන් පේන්නේ.
මේ අලුත් ආමන්ත්‍රණය (අනුරගේ ආමන්ත්‍රණය රිප්ලේස් කරන අලුත් ආමන්ත්‍රණය) නිර්මාණය කිරීම අපි හමුවේ තිබෙන ප්‍රධාන අභියෝගය බව මගේ අදහසයි. මේ සඳහා සූදානම් වෙමු.
චරිත හේරත්
Saru FM Media