ඡන්ද කාඩ් පත් 85ක් සමග දිල්තිගේ අපේක්ෂිකාවක් අත්අඩංගුවට

0
5


ඡන්ද කාඩ් පත් 85ක් සමග සර්වජන බලය පක්ෂයෙන් පුත්තලම මහ නගර සභාව සඳහා තරග වදින අපේක්ෂිකාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ සැකකාරිය සන්තකයේ තිබී පළාත් පාලන ඡන්දය සඳහා පුත්තලම තේරීම් භාර නිලධාරී නිකුත් කරන ලද ඡන්ද කාඩ් පත් එලෙස සොයා ගත් බවය.
සැකකාර අපේක්ෂිකාව අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් සහ පොලිසිය කළ ඒකාබද්ධ වැටලීමකදී පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේදීය.
අදාළ ඡන්ද කාඩ් පත් තැපැල්කරු විසින්, ඇයට ලබා දී ඇතැයි අනාවරණය වී ඇති අතර සැකකාර තැපැල්කරු ප්‍රදේශයේ පළගොස් ඇතැයි පොලිසිය පවසයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here