තීරුබදු අර්බුදය හමුවේ චීනය නව වෙළඳ නියෝජිතයෙකු පත් කර තිබෙනවා.
හිටපු සහකාර වාණිජ අමාත්‍යවරයෙකු සහ ලෝක වෙළෙඳ සංවිධානයේ තානාපතිවරයෙකු වන ලී චෙන්ග්ගෑන්ග් මෙලෙස පත්කර තිබෙනවා.
උප වාණිජ අමාත්‍ය වැන්ග් ෂෝවෙන්ගෙන් අතින් ඔහු වැඩ භාර ගත්තා.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන භාණ්ඩ සඳහා දැඩි තීරුබදු පැනවීමෙන් පසු පසු බැසීම ප්‍රතික්ෂේප කරමින් චීනය මෙම පත්කිරීම සිදු කර තිබෙනවා.
චීන දළ දේශීය නිෂ්පාදිතය වසරකට පෙර 5.4% ක වර්ධනයක් පෙන්නුම් කළා.
එය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම චීනයේ අපේක්ෂාවයි.
Saru FM Media