චීන දූත පිරිසක් ජවිපෙ ප්‍රධාන ලේකම් හමුවෙයි…

0
6


චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයින් පිරිසක් සහ ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් අද (30) දින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හමුවී තිබේ.
එහිදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගය විසින් ලබාගත් මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් සුබ පැතුම් එක්කළ දූත පිරිසේ ප්‍රධානියා පසුගිය සැප්තැම්බර් මාසයේදී ජනාධිපති ලෙස ජනතා ඡන්දයෙන් පත්වූ අනුර කුමාර දිසානායක ඇතුළු ආණ්ඩුව සිදු කරන ලද දේශපාලන සංස්කෘතියේ වෙනස්කම් සහ ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද සුබ පැතුම් එක් කර ඇත.
එමෙන්ම ඉදිරි කාලය තුළ චීනය කොමියුනිස්ට් පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් අතර සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමත් එසේම ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශවික සබඳතා තර කර ගැනීමත් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා චීනය රජය විසින් ලබාදීමට අපේක්ෂා කරන සහයෝගය සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන ඇත.
මෙම හමුවේදී චීන කොමියුන්ස්ට් පක්ෂය විසින් සම්පාදිත ග්‍රන්ථ ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණේ පුස්තකාලය වෙත පරිත්‍යාග කිරීමද සිදු කෙරිනි.
මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමති බිමල් රත්නායක, තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ, ජවිපෙ මධ්‍යම කාරක සභික නීතිඥ ජානක අධිකාරී ඇතුළු පිරිසක් සහභාගී වී ඇති අතර චීන දූත පිරිස නියෝජනය කරමින් Peng Xiubin, Director General, Bureau of South and Southeast Asia Affairs, International Department of the Central Committee of the Communist Party of China, Chen Xuanbo, Deputy Director, Chen Yongpei, staff member, Zhang Guyu, staff member, Xiao Yacheng, professor from Southwest University, Jin enze Third Secretary of the Embassy of China in Sri Lanka යන අය සහභාගි වී තිබේ.
මෙම දූත පිරිස ජාතික ජන බලවේගය විසින් පවත්වනු ලබන මැයි දින සැමරුමටද සහභාගි වීමට නියමිතය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here