චීන අමෙරිකා වෙළඳ සාකච්ඡා සාර්ථකයි

0
3


චීන සහ අමෙරිකාව අතර වෙළෙඳ සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. 

අදාළ සාකච්ජා පැවැත්වුණේ ස්විට්සර්ලන්තයේදීයි. 

කෙසේවෙතත් එම සාකච්ඡා හේතුවෙන් මේ වන විට ඇති වී තිබෙන වෙළඳ ආරවුල් අවසන් කිරීමට ලෝකයේ විශාලතම ආර්ථිකයන්ට හැකි වනු ඇති බවයි වාර්තා වන්නේ. 

එම සාකච්ඡාව සඳහා අමෙරිකාව වෙනුවෙන්, අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ ප්‍රධාන වෙළෙඳ සාකච්ඡා නියෝජිත ජාමිසන් ග්‍රියර් සහභාගි වී ඇති අතර චීනය වෙනුවෙන් එරට ප්‍රධානම ආර්ථික උපදේශකයා ලෙස සැලකෙන හී-ලයිෆෙන් ද සහභාගී වී තිබෙනවා. 

අදාළ සාකච්ඡා හේතුවෙන් අනාගතයේදී කොටස් වෙළෙඳපොළේ ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බවයි වාර්තා වන්නේ. 

අමෙරිකාවේ ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් චීනය සඳහා තීරුබදු සියයට 145 දක්වා ඉහළ දැමීමෙන් පසු චීනය අමෙරිකානු භාණ්ඩ සඳහා තීරු බදු සියයට 125 කින් ඉහළ දැමීමෙන් පසුව දෙරට අතර පැවති පළමු හමුවීම මෙය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

මේ හේතුවෙන් දෙරට අතර තීරුබදු අඩු විය හැකි බව ආයෝජකයින්ගේ පවසනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here