චාමර සම්පත් අධිකරණයට රැගෙන එයි

0
19


අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (01) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

නඩු තුනක් සම්බන්ධයෙන් පසුගිය 27 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට නඩු දෙකකින් ඇප හිමි වුවත් එක් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ තුනකට අධික පාඩුවක් සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඔහු අද (01) දින දක්වායි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ.

එමෙන්ම අද (01) දිනවන විට මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට නියම කර තිබෙනවා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here