ගෝල්ෆේස් පිටිය එකම හිස් ගොඩක් වී තිබෙන අතර, අනෙක් පක්‍ෂ අහුමුළුවල මැයි දිනය සමරනවා – මුනීර් මුලෆ්ෆර්

0
5


ගෝල්ෆේස් පිටිය එකම හිස් ගොඩක් වී තිබෙන බවත් අනෙක් පක්‍ෂ මැයි දිනය සමරන්නේ අහුමුළුවල බවත් ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති, මුනීර් මුලෆ්ෆර් ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ගාලුමුවදොර පිටියේ අද (01) පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් මැයි දින රැලිය ඇමතූ ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති, මුනීර් මුලෆ්ෆර්,
“ගාලුමුවදොරට රැස් වී අපේ ජනාධිපති අපේක්‍ෂකයා හැටියට අනුර දිසානායක සහෝදරයා නම් කරන බව ප්‍රකාශ කළ ආකාරය ඔබට මතක ඇති. එදා මුස්ලිම් සහෝදරත්වය බැහැර කරමින්, ක්‍රියා කළ පක්‍ෂ රැසක් තිබූ අතර, ජාතික ජන බලවේගයෙන් අපට ආරාධනා කළේ “සහෝදරයා… ඔබේ අනන්‍යතාව සමඟ ගාලුමුවදොර පිටියේ ජනතාවට ආමන්ත්‍රණය කරන්න…!” කියලයි. අදත් තිබෙන්නේ ඒ සහෝදරත්වයම බව මුලින්ම මම අවධාරණය කරනවා. පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තුළින් උතුරේ දී, නැඟෙනහිර දී සහ කඳුකරයේ දී ජාතික ජන බලවේගය පරාජය වී ඇති බව ඔවුන් කීවා. අපි ඒ අයට අවධාරණයෙන් කීවේ, ලංකාවේ සියලු ම ජනතාව එක් කර ගත් ජයග්‍රහණය කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව පසුගිය මහා මැතිවරණයේ දී මුළු රටම ජයග්‍රහණය කරන්න අපට හැකි වුණා.
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ලබා ගැනීම වෙනුවෙන් මේ රටේ සියලුම දෙනා එක් වී ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවාගෙන තිබෙනවා. ජනතාව අතර අවිශ්වාසය, සැකය ඇති කර බෙදීම් කිරීම තුළින් ඔවුන් හැමදාමත් බලය ගත්තා. අපි ජනතාවට ඇත්ත ප්‍රකාශ කර බලය ලබාගෙන මැයි දිනය සමරද්දී ගෝල්ෆේස් පිටිය එක ම හිස් ගොඩක් වී තිබෙනවා. අනෙක් පක්‍ෂ අහුමුළුවල, ගෙවල්වල මැයි දින සමරන මට්ටමට ඇදවැටී තිබෙනවා. මේ රටේ ජනතාව අවුරුදු පහකට ලබා දී තිබෙන බලය තුළින් හැමදාමත් ජනතාව දිනවන ජයග්‍රහණ ජනතාවට ලබා දී රට ගොඩනඟනවා. ඊට විරුද්ධව විරුද්ධ පක්‍ෂ බොරුවට තිත තබන බව කියමින් යන අතර, අපි බලය ගත්තාට පසු ඉන්ධන මිල මේ දක්වා අඩු කරමින්, රට ගොඩනැඟීමට ක්‍රියා කරමින් සිටිනවා. අපි මේ රට අනිවාර්යයෙන් ම හදනවා කියන පණිවුඩය අවධාරණයෙන් ලබා දෙනවා. ඒ වාගේ ම මේ රටේ ආදරණීය මිනිසුන්ට ලස්සන ජීවිත ලබා දෙන්න සියලු කටයුතු සිදු කරනවා.”



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here