ගෝල්ඩ් ෆේෂල් එකක් නිවසේදීම කරමු

0
5

සම පැහැපත් කරන ෆේෂල් අතරින් ගෝල්ඩ් ෆේෂල් එකට විශේෂ තැනක් හිමි වෙනවා.සැලෝන් ගිහින් ෆේෂල් කරන්න පුරුදු වෙලා ඉන්න ඔබට මේ කියන්නේ ගෙදරදී ම ස්වභාවික ද්‍රව්‍ය වලින් ගෝල්ඩ් ෆේෂල් එකක් කර ගන්න ආකාරය.පහසුවෙන් හොයා ගන්න පුලුවන් ස්වභාවික දේවල් වලින් ගෝල්ඩ් ෆේෂල් එකක් කරලා ඔබේ සැබෑ පැහැපත් බව ඉස්මතු කරගන්න ඔබට පුලුවන්.

අවශ්‍ය දේවල්

  • කැරට් අලයක්
  • වට්ටක්කා කුඩා කැබැල්ලක් (කැරට් සහ වට්ටක්කා සමාන ප්‍රමාණ වලින් ගන්න)
  • වෙනිවැල්ගැට කුඩු
  • ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි හයක්
  • කස්තුරි කහ ස්වල්පයක්
  • කඩල පිටි ටිකක්
  • කහ දොඩම් ගෙඩියක්
  • තක්කාලි පළුවක්
  • මී පැණි ස්වල්පයක්
  • සීනි ටිකක්

පැක් එක හදා ගනිමු.

  • කැරට් සහ වට්ටක්කා කපා ෆ්‍රෙෂ් මිල්ක් තේ හැඳි හයක් පමණ එක් කර විනාඩි විස්සක් පමණ තම්බා ගන්න.
  • තැම්බෙන විට එයට කස්තුරි කහ එකතු කරන්න.
  • නිවුණු පසු බ්ලෙන්ඩ් කර ගන්න.
  • එයට වෙනිවැල්ගැට සහ කඩල පිටි මිශ්‍ර කර පැක් එකක් සාදා ගන්න.
  • අවශ්‍ය නම් මී පැණි ද එකතු කරන්න.

දැන් පැක් එක සූදානම්

සත්කාරය කරන්නේ මෙහෙමයි.

  • මුහුණ ක්ලෙන්සර් කරන්නට කහ දොඩම් යුෂ භාවිතා කරන්න.
  • ඉන්පසු මුහුණ ස්ටීම් කර Extractor එකකින් වයිට් හෙඩ්ස් සහ බ්ලැක් හෙඩ්ස් ඉවත් කර ගන්න.
  • තක්කාලි පළුවකට සීනි දමා මූණ ස්ක්‍රබ් කර ගන්න.
  • ෆ්‍රෙෂ් මිල්ක් සහ කස්තුරි කහ එකට මිශ්‍ර කර දියර ගතියට ලබාගෙන එය මුහුණේ ආලේප කර මසාජ් කරන්න.
  • එය විනාඩි විස්සක් පමණ මුහුණේ තිබෙන්නට හරින්න.
  • දැන් සාදා ගත් පැක් එක මුහුණේ ආලේප කර මිනිත්තු හතලිස් පහක් තබන්න.
  • ඉන්පසු මුහුණ සෝදා ගෙන කහ දොඩම් යුෂ ටෝනර් එකක් ලෙස යොදා ගන්න.

ඔබේ සමේ දීප්තිමත් බව සහ පැහැපත් බව වර්ධනය වෙන්න මේ ෆේෂල් එක ඉහළින්ම උදව් කරනවා. ඔබ ඔබට ආදරය කරමින් ලස්සනට ඉන්න හිතන වෙලාවට මේ ස්වභාවික ගෝල්ඩ් ෆේෂල් එක ඔබට අනිවාර්යයෙන් උදව් වේවි.

තොරතුරු සැපයීම - රූපලාවණ්‍ය ශිල්පිනී මධූ ජයවීර
තොරතුරු සැපයීම – රූපලාවණ්‍ය ශිල්පිනී මධූ ජයවීර

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here