කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කුමන්ත්‍රණය සිදුව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව තුළින්ම බව හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ගෝල්ෆේස අරගලයට ගැසීමේ සිද්ධිය පාදක කරගෙන මේ බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පැවසූ අතර එම ආණ්ඩුවේ ඇමතිවරයෙක් ලෙස ජනාධිපතිවරයාට හූ කීමට නුවරින් ජනතාව කොළඹට ගෙන ඒමෙන් වැළකී සිටි බවත් කෙසේ හෝ එදා නුවර ජනතාව කොළඹට රැගෙන අවේ නම් දත් නැති මිනිස්සු නුවරිනුත් සොයා ගැනීමට හැකි වනු ඇති බවටයි අමුණුගම මහතා සඳහන් කළේ.
ඒ අනුව දිලුම් අමුණුගම මහතා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව දිලිත් ජයවීර මහතා නායකත්වය දෙන සර්ව ජන බලය සමඟ එක්ව සිටියි.
ආශිකා බ්‍රාහ්මණ
Saru FM Media