ගෝඨා ඇතුළු 8කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

0
11

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිඥවරුන්ට දැනුම් දුන්නේ ය.

ඒ 2022 වසරේ මැයි මස 09 වැනිදා අරගලයට පහරදීමෙන් පසුව දිවයින පුරා ඇති වූ  ප්‍රචණ්ඩ සිද්ධීන්වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානිය සඳහා නීතියට පටහැනි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 08 දෙනෙකු පෙත්සමේ  වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරල් කමල් ගුණරත්න, හිටපු පොලිස්පති  සී. ඩී. වික්‍රමරත්න,  හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න, හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් අල්විස් යන අයට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ  නීතිඥවරුන්ට දැන්විය.

එම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ පාරිසරික නීතිවේදියකු වන ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ විසිනි.

(News 1st)

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here