ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාරය කප්පාදු කර නෑහැ – කැබිනට් ප්‍රකාශක

0
7

ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාරය කප්පාදු කර නෑහැ - කැබිනට් ප්‍රකාශක

කන්න රැස්වීමේදී එකඟතාවය පළ කළ සියලු වී ගොවීන්ට වගා කටයුතු ආරම්භයේදී රුපියල් 15,000ක් සහ වගාව අතරතුර තවත් රුපියල් 10,000ක පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
ඒ අනුව ගොවිජන පර්යේෂණ නිලධාරී මාර්ගයෙන් හෝ පුද්ගලිකව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා මේ වන විට ගොවීන් 721,616ක් පමණක් ඉල්ලුම් කර ඇති බව සඳහන් කළේය.ඒ අනුව ගොවීන් 651079කට රුපියල් 15,000ක පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කර ඇති බවද එම ප්‍රමාණය සියයට අනූවක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.
එසේම අද (25) උදෑසන වන විට තවත් ගොවීන් 66000ක් මේ සඳහා ඉල්ලුම් කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා පොහොර සහනාධාරය ඉල්ලුම් කර ඇති සෙසු ගොවීන්ට කඩිනමින් සහනාධාරය ලබා දීමට කටයුතු කරන බවද අවධාරණය කළේය.මේ සඳහා රජය අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට වෙන්කර අවසන් බවද අමාත්‍යවරයා පැවසීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here