ගෙවල් බිඳ දේපල සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට

0
5


මල්වතුහිරිපිටිය, වරපලාන ප්‍රදේශයේදී යක්කල පොලිස් වසමේ සිදු වූ ගෙවල් බිඳ දේපල සොරකම් කිරීමේ අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, අපරාධ නිවාරණ රාජකාරි යෙදී සිටි යක්කල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි. 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන වරපලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද ලැප්ටොප් 05ක් හා ජංගම දුරකථන 02ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here