ගෙල හැඩට තියා ගන්න කැමති ඔබට..

0
13


මුහුණ වගේම ගෙලත් ලස්සනට තබා ගැනීම අපේ වගකීමක්. ගෙලට හානි වී ගෙල අවපැහැ ගැන්වෙන හේතු කිහිපයක් තිබෙනවා.මුලින්ම ඒවා හඳුනා ගනිමු.

බෙල්ල රළු වීම.

ඇතැම් අයගේ මුහුණේ සම සිනිඳු වුවත්, බෙල්ලේ සම රළු ස්වභාවයක් ගන්නවා. මුහුණට කරන සත්කාර බෙල්ලට සිදු නොකිරීම මෙයට ප්‍රධානම හේතුවයි. දිනපතා මුහුණ පිරිසිඳු කළත්, බෙල්ල පිරිසිඳු කිරීම බොහෝ අය මඟ හරිනවා. ඔබ මුහුණේ සම ස්ක්‍රබ් කරන විට බෙල්ලත් ස්ක්‍රබ් කරන්න අමතක කරන්න එපා.

බෙල්ලේ සම රැලි වැටීම.

බෙල්ලේ සම රැලි වැටීමට විවිධ හේතු බලපානවා. බෙල්ල හොඳින් පිරිසිඳු නොකිරීම නිසා බෙල්ලට ලැබෙන රුධිර සැපයුම අඩු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස බෙල්ල රැලි වැටෙන්න පුළුවන්. මහත අයෙකු එක වර කෙට්ටු වීමෙනුත්, සමබල ආහාර වේලක් නොගැනීම නිසා ශරීරයට අවශ්‍ය පෝෂණය නොලැබී යාමෙනුත්, ආහාර මාර්ගයේ ඇති රෝගී තත්ත්ව නිසාත්, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වීමෙනුත් බෙල්ලේ සම රැලි වැටෙන්න පුළුවන්.
රැලි වැටුණු බෙල්ලක රැලි අඩු කර ගැනීමට නම් සැර සබන් භාවිතය අවම කළ යුතුයි. බේබි සබන් හෝ ෆේස් වොෂ් යොදා බෙල්ල සේදීමටත්, මඳ උණුසුම් ජලයෙන් බෙල්ල තවා සම්බාහනය කිරීමෙනුත්, බෙල්ල සඳහා ව්‍යායාම් කිරීමෙනුත්, දින දෙකකට වරක් ඔලිව් තෙල් ගල්වා සම්බාහනය කිරීම මඟිනුත් බෙල්ලේ රැලි අවම කර ගන්න පුළුවන්.

බෙල්ලේ නහර මතු වීම.

උගුර සම්බන්ධ ආබාධ, එක වර කෙට්ටු වීම, අයඩින් ඌනතාවය, අධික කෝපය, නිතර දත් මිටි කෑම වැනි හේතු නිසා බෙල්ලේ නහර මතු වෙන්න ඉඩ තියෙනවා. ආහාර ගැනීමේදී පුරුද්දක් ලෙස එක වර වැඩි ප්‍රමාණයක් මුවට ගැනීමෙනුත් බෙල්ලේ නහර මතු වෙන්න පුළුවන්. එමෙන්ම බෙල්ලේ ඇට දිරා යාමෙනුත් නහර ඉලිප්පී මතු විය හැකියි. ඒ සඳහා වෛද්‍යවරයෙකු හමු වී කොලර් එකක් දමා ගත යුතුය.

බෙල්ලේ සම කළු වීම.

සම කළු වන්නේ හිරු එලියට නිරාවරණය වීම නිසයි. ඒ නිසා මුහුණේ ආලේප කරන සන් ක්‍රීම් එක බෙල්ලේත් ආලේප කිරීම ඉතා වැදගත්. නැති නම් මුහුණේ පැහැයට වඩා බෙල්ලේ පැහැය අඳුරු ස්වභාවයක් ගන්නවා. අව්වට යන විට කළු කුඩයක් භාවිතා කරන්න. මුහුණට දමන ෆේස් පැක් බෙල්ලටත් දැමිය යුතුයි. කෝමාරිකා යුෂ, අර්තාපල් යුෂ කියන්නේ ඔබේ ගෙලේ අඳුරු පැහැය අඩු කර ගන්න හොඳ ඖෂධයක්.

බෙල්ලේ අළුහම් ඇතුළු දිලීර රෝග ඇති වීම.

බෙල්ල වටා ඇති සම මුහුණේ සම මෙන්ම සංවේදීයි. මුහුණේ වගේම බෙල්ලේත් දුවිලි සහ විෂබීජ ඉක්මනින්ම තැවරෙනවා. මුහුණ සෝදනවා වගේම ඉතා සැලකිල්ලෙන් බෙල්ලේ තැවරුණු අපද්‍රව්‍යත්, මේක් අප් සහ ආලේපනත් සෝදා ඉවත් කළ යුතුයි. නැති නම් කල් ගත වීමත් සමඟ බෙල්ලේ සම මත විවිධ දිලීර අසාදන ඇති වෙනවා.

The post ගෙල හැඩට තියා ගන්න කැමති ඔබට.. appeared first on SmartLady.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here