ගෙදරම තියන දේවල් පාවිච්චි කරල ලස්සන වෙමුද?

0
5

ලස්සන වෙන්න කවුද අකමැතිමේ කියන්නේකිසිම කරදරයක් නැතිව කුස්සියේ වගේම වටපිටේ තියෙන දේවල් වලින්මවැඩි වියදමකුත් නැතිව ලස්සන වෙන්න ක්‍රම හතක් ගැනයිඋයන පිහන අතරේගෙදර දොරේ දරුවන්ගේ වැඩ රාජකාරි මැද්දේඅපි මෙන්න මෙහෙම ලස්සන වෙමු.

රෝස තොල්

මී පැණිදත් බෙහෙත්ග්ලිසරින් එකට මිශ්‍ර කර තොල්වල ආලේප කරන්නවිනාඩි කිහිපයකින් පිස දමන්නසතියක් පමණ එක දිගට සිදුකර වෙනස වටහා ගන්න.

සිල්ක් කොණ්ඩයකට

මේ සදහා අවශ්‍ය බේබි ඔයිල් පමණයිඒත් ටිකක් නෙවෙයිගොඩක්.ඔබේ මුළු කෙස් වැටියම බේබි ඔයිල් හොදින් ගලවා මසාජ් කරන්නකොණ්ඩය සම්පුර්ණයෙන්ම බේබි ඔයිල් වලින් තෙම්මවිම අනිවාර්යයිවිනාඩි කිහිපයකින් ෂැම්පු ගල්වා සෝදා හරින්නකොණ්ඩය සිල්ක් කරගැනීමට හෝ අයන් කරගැනීමට ඔබ සැලෝනයට දෙන මුදල දැන් එහෙම පිටින්ම ඔබේ පසුම්බියේ

කුරුලෑ කැළැල් වලට

කෝමාරිකා ජෙල් සමග දත් බෙහෙත් සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන හොදින් මිශ්‍ර කරගන්නඑය කැළැල් සහිත ස්ථාන වල ආලේප කර රැයක් තබන්නපසුදා උදෑසන සෝදා හරින්නඉක්මන් ප්‍රතිපල සහිතයි.

කිහිලි යට තද පැහැයට

කිහිලි යට කලුවිම බොහොමයක් දෙනෙක්ට තියෙන ගැටළුවක්ඔබේ මුළුතැන් ගෙන්ම මේ සදහා විසදුම් සොයා ගන්නට පුළුවන්අර්තාපල් ගෙඩියක් සොයාගන්නඑය හොදින් පොතු හැර දෙකට පලන්නදැන් අදුරු ප්‍රදේශයේ ආලේප කරන්නදවසකට තුන් සැරයක් දින කිහිපයක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.

කිහිලි යට දුර්ගන්දයට

සමහර කෙනෙක්ගේ කිහිලි යටින් තරමක සැර දහදිය ගදක් එනවාමේ ගැන කලබල වෙන්න ඕන නම් නැහැදිනපතා උදේ සහ රාත්‍රී නින්දට පෙර කිහිලි යට පොල්තෙල් ස්වල්පයක් ආලේප කර හොදින් පිරිමදින්නදින කිහිපයකින් වෙනස අත්විදින්න.

ඝනකම් නිරෝගී කෙස් කලඹකට

මේ සදහා අවශ්‍ය වන්නේ ඔලිව් ඔයිල්කෙසෙල් ගෙඩියක්සමග බිත්තරයක් පමණයිමේ සියල්ල හොදින් මිශ්‍ර කරගන්නඉන්පසු හිස් කබලේ මෙන්ම කෙස් වලත් හොදින් ආලේප කරන්නහිස ආවරණය කර මිනිත්තු 40 පමණ තබන්නපසුව හොදින් සෝදා හරින්න.

ඇස්යට කළු වීමට

අර්තාපල්කෝමාරිකා සහ පිපිඤ්ඤා මේ සදහා අවශ්‍ය වෙනවාඅල සහ පිපිඥා බ්ලෙන්ඩර් කර එයට කෝමාරිකා මේස හැන්දක් එක්කර ගන්නමෙය ඇස්යට ආලේප කර මිනිත්තු කිහිපයකට පසුව සෝදා හරින්න.

– ඉරේෂා –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here