ගෙදරදිම කරගන්න පුලුවන් Keratin Treatment මොනවද?

0
7


නිරෝගී, දිලිසෙන සහ ශක්තිමත් හිසකෙස් කියන්නේ හැම කාන්තාවකගේම හීනයක්.

අද කාලෙ ගත්තම ගොඩක් කාන්තාවො හරිම ආසයි තමන්ට නිරෝගී, ලස්සන, ශැම්පු ඇඩ් එකක තියෙනවා වගේ කෙස් කළඹක් ලබාගන්න. ඒක නිසාම තමයි ගොඩක් අය අතිරේක කෙරටින් පෝෂණ සත්කාරවලට යොමුවෙන්නෙ. හැබැයි සැලොන් එකකට ගිහිල්ලා කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරගන්නවා කියන්නෙ ටිකක් විතර වියදම් වැඩි වැඪක් නෙ. ඒ වෙනුවට, ගෙදරදිම හරිම පහසුවෙන් සොයාගන්න පුලුවන් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ගෙදරදිම ඔයාගෙ කොණ්ඩෙට කරගන්න පුලුවන් කෙරටින් ට්‍රීට්මන්ට් කීපයක් ගැන විස්තර තමයි අපි අද ඔයාලා එක්කා බෙදාගන්න හිතුවෙ.

කෙරටින් ට්‍රීට්මන්ට් එකකින් ලැබෙන ප්‍රතිලාභ වෙන්නෙ,

දුර්වර්ණ හිස කෙස් අලුත්වැඩියාව.

හිස කෙස් වලට මනා පෝෂණයක් ලබාදීම.

දීප්තිමත් කෙස් කලඹක් ලැබීම.

දිගු පිරිපුන් කෙස් කලඹක් ලැබෙනවා.

යෝගට් Hair Mask එක

ඕන කරන ජාති:
උකු පොල් කිරි කෝප්ප 1/2
යෝගට් මේස හැඳි 2
කෝමාරිකා ඉත්තක මදය සූරලා

ඉරිගු පිටි -කෝන්ෆ්ලවර්, මේස හැඳි 2
 එඩරු තෙල් මේස හැඳි 1 / පොල්තෙල් මේස හැඳි 1
 ඉදුනු ඇඹුල් කෙසෙල් ගෙඩි 1
 විටමින් E කරල් 3
මී පැණි

හදාගන්න විදිය:

විටමින් E සහ මී පැණි නැතුව අනිත් සියල්ලම දාලා හොදට බ්ලෙන්ඩ් කරගන්න. ලිපෙ තියන්න පුළුවන් බාජනයකට දාගෙන මද ගින්නෙ කැටි ගැහෙන්නෙ නැතිව හැදි ගාන්න. ක්‍රීම් ගතියට ආවම, ලිපෙන් බාගෙන නිවෙන්න දාලා විටමින් E, මී පැණි දාලා හොඳට මිශ්‍ර කරන්න.

Apply කරන්නෙ කොහොමද?

මේක කෙරටින් ක්‍රීම් එකක් වගේ ඔලුවෙ හොඳට ගාන්න. පැයක් තියලා, මෘදු ෂැම්පු එකක් දාලා නාන්න.

කෙසෙල්-පැපොල් hair mask එකක්

ඕන කරන ජාති:

කෙසෙල් 1

කුඩා පැපොල් කැබැල්ලක්

මී පැණි තේ හැඳි 1

නැවුම් කිරි තේ හැඳි 1

හදාගන්න විදිය:

මුලින්ම කෙසෙල්, පැපොල් බ්ලෙන්ඩ් කරගන්න. එයට මී පැණි සහ කිරි එකතු කර හොඳට මිශ්‍ර කරන්න.

Apply කරන්නෙ කොහොමද?

හොඳට වේලගත්ත හිසකෙස් සහ හිස් කබල මත apply කරන්න. ඒකට ඔයාලට බ්‍රශ් එකක් වගේම ඇඟිලි තුඩු පාවිච්චි කරන්නත් පුලුවන්. ඊටපස්සෙ විනාඩි 30ක් වගේ කාලයක්  මේක තියලා හොඳ, mild shampoo වර්ගයක් පාවිච්චි කරලා හොඳට හෝදලා යවන්න.

බිත්තර සහ කෙසෙල් Mask

ඕන කරන ජාති:

බිත්තර 1

මී පැණි තේ හැඳි 1

මී කිරි තේ හැඳි 2

එඬරු තෙල් තේ හැඳි 1/2



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here