මේ අලුත් අවුරුදු කාලය. නෑදෑයන් හිතමිතුරන් ඔබ බලන්න එන කාලය. හිතට සමීප අයගේ ඇසුර ලබන්න අපි කවුරුත් කැමතියි. ඒත් නෑදෑ හිතමිතුරන් ඔබේ නිවසට පැමිණි විට ඔබට අපහසුතාවට පත් වෙන කාරණා තියෙන්න පුලුවන්… ඉතින් අද smartlady කණ්ඩායම සූදානම් වෙන්නේ මේ කාරණා පිළිබදව අවුරුද්දට කලින්ම ඔබව දැනුවත් කරන්න..
ඉතින් ඔබව අපහසුතාවට පක් කරෙන මේ දේවල් මොනවද ? ඒ දේවල් වලින් මිදෙන්නේ කොහොමද කියලා අපි දැනුවත් වෙමු.
අලුත් අවුරුදු කාලයට නිවස නිතරම හැඩි වීම සාමාන්‍ය දෙයක්. ඔබ අතිශය කාර්යබහුල වුවත් කොතරම් අමුත්තන් පැමිණියත් නිතරම අස්පස් කරගන්නට අමතක කරන්න එපා. හැඩිවූ නිවසක සිට ලැජ්ජාවෙන් අමුත්තන් පිළි ගන්නට එපා. කාර්යක්ෂම වී නිතරම අස් පස් කර, රසවත් කෑම පිස ඔබේ අමුත්තන් ආදරයෙන් පිළි ගන්න.
මේ හිතවත්කම් අලුත් කරගන්නා කාලය මිස තිබෙන හිතවත්කම් පලුදු කරගන්න කාලය නොවේ.
-නිබන්ධිකා-
Saru FM Media