රුපියල් විසි දෙලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු ද සමග අද (11) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙක් .
ඔහු අද (11) දින අලුයම 05.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 15,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 75 ක් සගවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ .
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා .
Saru FM Media