ගුවන් හමුදාවේ ගුවන් කරණමක්… – Saru News | සිංහල

0
3

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පිහිටුවා 75 වැනි සංවත්සරය ඊයේ (02) කටුනායක ගුවන් හමුදා කඳවුරේදී එයාර්වයිස් මාෂල් බන්දු එදිරිසිංහ ගුවන් හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් සැමරීය.

රාජකීය ලංකා ගුවන් හමුදාව ලෙස ආරම්භ කර තිබූ අතර, 1951 මාර්තු දෙවැනි දින ආරම්භ කර පසුව 1972 මැයි මස 22 වැනි දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව යනුවෙන් ස්ථාපිත කරනු ලැබීය.

75 වැනි සංවත්සර උළෙලට සමාන්තරව කැඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් 43දෙනෙකු අධිකාරි නිලයට පත් කිරීමත් අධිකාරි නිලධාරීන් දෙදෙනෙකු හට පියාසර නිල ලාංඡන පැලඳවීමත් සිදු කරනු ලැබීය.