ගුවන් හමුදා හෙලිකොප්ටර් අනතුරෙන් මියගිය හමුදා සාමාජිකයන් දෙදෙනාගේ අවසන් කටයුතු පුර්ණ ගුවන් හමුදා අචාර ගෞරව සහිතව

0
8


ශ්‍රී  ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී අද උදෑසන සිදු වූ අනතුරෙන් හය දෙනෙකු මියගොස් තිබුනා 

එලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු සහ යුද්ධ හමුදා විශේෂ බලකා සාමාජිකයන් සිව්දෙනෙකු බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා පැවසුවේ.

එසේ ජිවිතක්ෂයට පත් ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනා වන්නේ  ශ්‍රි ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මුලික කදවුරේ අංක 07 හෙලිකොප්ටර් බලඝණයට අනුයුක්තව රාජකාරි කරනු ලැබු බලපංති සැරයන් සනත් උදයකුමාර හා කෝප්‍රල් මධුරංග මෙත්රුවන් යන අයයි.

බලපංති සැරයන් සනත් උදයකුමාර 2004 වර්ෂයේ දි ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් භූමි වෘත්තීය සදහා එක්වි ඇති අතර ඔහු දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙක් වන අතර ඔහු දෙහි බැද්ද අමුණු පුල්ල වැලිමඩ ප්‍රදේශයේ පදිංචිව සිට තිබෙනවා 

අනතුර සිදුවන අවස්ථාවේ එම හෙලිකොප්ටර් යානය තුළ 12 දෙනෙකු රැඳී සිට තිබෙනවා. 

එම අනතුරෙන් ජීවිතක්ෂයට පත් අනෙක් ගුවන් හමුදා සාමාජිකයා වන කෝප්‍රල් මධුරංග මෙත්රුවන් අවිවාහක  වන අතර ඔහුගේ පියා මියගොස් තිබෙනවා 

පසුව  තම මව හා වැඩිමහල් සහෝදරයා සමග සෙවනගම මහල්පොත බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඔහු බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 2009 වර්ෂයේ දි ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් භූමි වෘත්තීය සදහා එක්වි තිබෙනවා 
 
මොවුන් දෙදෙනාගේ අවසන් කටයුතු පුර්ණ ගුවන් හමුදා අචාර ගෞරව සහිත සිදුකිරිමට නියමිතයි 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here