ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි !

0
9

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරන්නේ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම තුළ සිදුවීමට නියමිත ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සැලකිල්ලට ගනිමින් ඒ මහතා ඉල්ලා අස්වූ බවයි.

ඒ අනුව එම සමාගමේ වැඩබලන සභාපතිවරයා ලෙස වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එස්. මංගල මහතා පත්කර ඇත.

කෙසේවෙතත් හර්ෂ අබේවික්‍රම මහතා මෙසේ ඉල්ලා අස්වී ඇත්තේ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සමග ඇතිවූ විරසකයක් හේතුවෙන් බවට ද ආරංචියක් පැතිර යමින් තිබේ.

2024 ඔක්තෝබර් මාසයේ සිට ජාතික ජන බලවේගයේ රජය විසින් පත්කරන ලද රාජ්‍ය ආයතන සභාපතිවරුන් රැසක් මේ වනවිට ඉල්ලා අස්වී ඇති අතර බොහෝ අවස්ථාවල එම ඉල්ලා අස්වීම්වලට හේතුව වී තිබුණේ අදාළ විෂයභාර අමාත්‍යවරුන් සමග ඇතිවූ ගැටුම් බවත් පසුගිය සමයේ වාර්තා වී තිබිණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here