ගිනස් වාර්තා පොතට ගිය ලොව වැඩිම කලක් ජීවත් වූ මිනිස්සු

0
15


“අපි ජීවත්වෙන්නෙ කොච්චර පොඩි කාලයක්ද?” මේ වචන ටික අහල නැත්තම් ඉතින් පුදුමයි.

අපිට ගොඩක් සංවාද වලදි අහන්න ලැබෙන මේ වචන පේළිය ඇත්තක්. ඉස්සර නම් අවුරුදු එකසිස ගණන් ජීවත් වෙච්ච මිනිස්සු සුලබ උනාට දැන් අපි බොහොම ඉක්මනට අපේ මේ ලෝකෙ වැඩ රාජකාරි ටික ඉවර කරල එළොව යනවනෙ.

හැබැයි අපි අද කතාකරන්න යන්නේ “වැඩිම කාළයක් ජීවත්වෙලා ගිනස් පොතටත් ගියපු” අපූරු මිනිස්සු කීප දෙනෙක් ගැන.

මෙතෙක් ජීවත් වූ වයස්ගතම පුද්ගලයා සහ වයස්ගතම ගැහැණු පුද්ගලයා වන්නේ අවුරුදු 122 සහ දින 164ක් ජීවත් වෙලා මිය ගිය ප්‍රංශයේ ආර්ල්ස් හි ජීන් ලුයිස් කැල්මන්ට්.

එයාගේ 120 වන උපන්දිනේදි අනාගත බලාපොරොත්තු මොනවද ඇහුවම ජීන් කියල තියෙනවා “කෙටි ජිවිත කාලයක් තමයි බලාපොරොත්තු වෙන්නේ” කියලා.

සමහරවිට එයාටම හිතෙන්න ඇති නේද අවුරුදු 120ක් ජීවත්වෙලා මොනව කරන්නද කියලා.

1875 පෙබරවාරි 21 ඉපදුණ ජීන්ට 1888 දී සුප්‍රකට තාරකා රාත්‍රිය චිත්‍රය ඇඳපු වින්සන්ට් වැන් ගෝවත් මුණ ගැහිල තියෙනව කියල තමයි ගිනස් පොතේ නම් සඳහන් වෙන්නේ.

ජීන්ගෙ තාත්තගෙ කඩෙන් තමයි වින්සන්ට් වැන් ගෝ ආර්ල්ස් වලදි එයා පින්තාරු කරපු “Sunflower” චිත්‍රෙ අඳින්න ඕන වුණ පින්සල් එහෙම අරගෙන තියෙන්නෙ.

වයස අවුරුදු 114 දී “වින්සන්ට් ඇන්ඩ් මී” කියන චිත්‍රපටයටත් සහභාගි වුණු ජීන් ලෝකයේ වයස්ගතම නිළිය විදියටත් හැඳින්නේ.

අවුරුදු 122ක් ජීවත් වුනාට ජීන් මාර ඇක්ටිව් කියල තමා ගිනස් පොතේ තියෙන්නෙ. අවුරුදු 80 ගණන්වලදිත් බයිසිකල් පැදපු සුපිරි චරිතයක්.

1997 ගෝස්තු 4 වෙනිදා තමයි එතුමිය මිය ගිහින් තියෙන්නෙ.

ඔලිව් තෙල් සහ චොකලට් තමයිලු ජීන්ගේ මේ ජීවිතේ රහස. ජීන් දුම්පානය අත ඇරල තියෙන්නෙ වයස අවුරුදු 120 දි.

ජපානේ කේන් ටනාකා තමයි මේ වාර්තාවට හිමිකම් කියන්නේ.

1903 ජනවාරි 2 වනිදා ඉපදිච්ච කේන් වයස අවුරුදු 119 සහ දින 107ක් ආයු වළඳලා 2020 අප්‍රේල් 19 වෙනිදා මිය යනවා.

කේන්ට මේ වගේ සුපිරි රෙකෝඩ් එකක් තියන්න චාන්ස් එක ලැබුණෙ එයා එයාගෙ මනස නිදහසේ තබාගත්ත නිසාලු. එතුමිය ජීවත් වෙලා තියෙන්නෙ වැඩිහිටි නිවාසෙක.උදේ 6 වෙද්දි ඇහැරෙන කේන් ඉන්පස්සෙ ගණිතය ඉගෙන ගන්න කාලය වැය කලා කියල තමයි ගිනස් පොතේ සඳහන් වෙන්නෙ.

කේන් හරිම ආසලු ඔතෙලෝ කියන ක්‍රීඩාවට. එයා වැඩිහිටි නිවාසෙ උන්නු අනිත් අයත් එක්ක සෙල්ලම් කරලා පරාද කරලත් තියෙනවලු.

වයස්ගතම පුද්ගලයා කියන වාර්තාවට මිනිස්සු කොච්චර අයිතිවාසිකම් කිව්වත් පිරිමි අය නම් ඉඳල තියෙන්නෙ තුන් දෙනෙක් විතරයි.

එක්කෙන්කෙ තමයි ජිරෝමොන් කිමුරා. 1897 අප්‍රේල් 9 ඉපදිච්ච කිමුරා තමයි මේ වාර්තාවට අවසානයටම හිමිකම් කියල තියෙන්නෙ.

මම හිතන්නේ මේ වැඩිම ආයුෂ ගෙවන කාරණාවට වැඩියෙන්ම වග කියලා තියෙන්නේ කාන්තාවො තමයි.

ඔයාලා හිතන්නේ ඒ මොකක් නිසා වෙන්න ඇතිද?

අවුරුදු 65 වෙනකම් තැපැල් සේවයේ රැකියාවක් කරපු කිමුරාගේ ආදර්ශ පාඨය වුණේ “අඩුවෙන් කන්න – වැඩියෙන් ඉන්න” කියන එකලු.

ජීවත්ව ඉන්න වයස්ගතම පිරිමි පුද්ගලයා කියල ගිනස් පොතට යද්දි එයාට වයස අවුරුදු 115ක්. අවුරුදු 116 සහ දින 14ක් ඉඳල තමයි කිමුරා මිය යන්නේ.

මේ වාර්තාවට හිමිකම් කියපු අනිත් කෙනා තමයි පුවාර්ටෝ රිකාන් එමිලියානෝ කියන්නේ.

1891 අගෝස්තු 21 ඉපදුණ මෙතුමා මිය ගිහින් තියෙන්නෙ 2007 ජනවාරි 24 වෙනිදා. ඒ අවුරුදු 116 ජීවත් වෙලා.

එයා මේ වාර්තාව තිබ්බෙ 2005 දි. එතුමා දෙවනි ලෝක යුද්ධ කාලෙදි එක්සත් ජනපදයේ ගුවන් හමුදාවෙත් වැඩ කරල තියෙනවලු.

තුන්වෙනියා තමයි ස්පාඤ්ඤයෙ ජීවත්වුණ සටුනිනෝ ඩි ලා ෆුවෙන්ටේ ගාර්සියා.

1909 පෙබරවාරි 11 ඉපදිච්ච මෙතුමා මිය ගියේ මේ මෑතකදි. ඒ 2022 ජනවාරි 18.

කසාද බැඳල මෙච්චර කල් එකට ඉඳියෙ කොහොමද කියල අහන අයට ඔන්න දෙන්න තියෙන හොඳම උත්තරේ තමයි 1941 පෙබරවාරි 7 වෙනිදා විවාහ වෙච්ච ජුලියෝ සීසර් මෝරා ටැපියා සහ වොල්ඩ්‍රමිනා මැක්ලෝවියා ක්වින්ටෙරෝස් රෙයිස්. මේ දෙන්නම ජීවත්වුණෙ ඉක්වදෝරයේ.

දෙන්නගෙම වයස එක්කරාම වයස අවුරුදු 216 විතර වෙනවා.

මේ දෙන්නා හම්බුණේ වොල්ඩ්‍රොමිනා එයාගේ සහෝදරීව හම්බෙන්න ගියාම. එයාගේ සහෝදරී ඉඳල තියෙන්නෙත් ජුලියෝ ඉඳපු නිවාස සංකීර්ණයේමලු.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here