ගෑස් බෙදාහැරීමේ කටයුතු කඩිනම් කරයි

0
5

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගෑස් සමාගම් දෙක වන ලිට්‍රෝ සහ ලාෆ් ආයතන මගින් දේශීය වෙළෙඳපොළට ගෑස් බෙදාහැරීමේ කටයුතු කඩිනම් කර ඇති බව වාර්තා වේ.

පසුගිය දින කිහිපය තුළ මෙරටට ලැබුණු ගෑස් තොග පාරිභෝගිකයන් වෙත නිකුත් කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර, ලිට්‍රෝ සමාගම ඉදිරි මාසය සඳහා අතිවිශාල ගෑස් ප්‍රමාණයක් ඇණවුම් කර තිබේ.

ඒ අනුව අද (09) දිනයෙත් ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

ගතවූ කාලයේදී ගෑස් මෙට්‍රින් ටොන් 7900 ක් මෙරටට රැගෙනවිත් ඇති බව එහි සභාපති චන්න ගුණවර්ධන මහතා පවසයි.

මේ වන විට මාල­දි­ව­යිනේ ගෑස් මෙට්‍රික් ටොන් 30000ක නැවක් නැංගු­රම්ලා ඇති බවත්, තවත් ගෑස් මෙට්‍රික් ටොන් 33000ක නැවක් එළැ­ඹෙන මාර්තු 17 වැනිදා මාල­දි­ව­යි­නට පැමි­ණී­මට නිය­මි­තව ඇති බවත් ඒ මහතා පැවැ­සීය.

මෙම නැව් ශ්‍රී ලංකාවේ ඇණ­වු­ම්ව­ලට අනුව මාල­දි­ව­යින දක්වා පැමි­ණෙන අතර එතැන් සිට දින දෙක­කට වරක් කුඩා නැවක් මඟින් මෙර­ටට ගෙන ඒම සිදු කෙරෙයි.

මෙතෙක් ඕමාන සමා­ග­ම­කට දී තිබූ ගෑස් සැප­යීමේ ටෙන්ඩ­රය මෙවර අමෙ­රි­කානු සමා­ග­ම­කට දීම වත්මන් යුද­මය තත්ත්වය හමුවේ ගෙන ඇති කාලෝ­චිත තීර­ණ­යක් බව ද සභා­ප­ති­ව­රයා පෙන්වා දුන්නේය.

මෙම ගෑස් නැව් මාල­දි­ව­යින දක්වා ගෙන්වනු ලබන්නේ යුද කලා­පය හරහා නොවේ. මෙම නැව් අමෙ­රි­කාවේ සිට අප්‍රි­කා­වට වටා යාත්‍රා කොට මාල­දි­ව­යින දක්වා පැමි­ණෙන හෙයින් යුද­මය තත්ත්වය හේතු­වෙන් ගෑස් සැප­යු­මට කිසිදු බාධා­වක් නොවන බව ද ඒ මහතා පැව­සු­වේය.

එසේම ගෑස් පරි­භෝ­ජ­නය ඉහළ යාම නිසා නව ගෑස් ටැංකි ලක්ෂ 7ක ප්‍රමා­ණ­යක් කොටස් වශ­යෙන් වෙ‍ෙළ­ඳ­පො­ළට නිකුත් කිරී­මට නිය­මි­තව ඇතැ­යිද ඒ මහතා වැඩි­දු­ර­ටත් කීවේය.

මේ අතර ලාෆ් සමාගම ද තමන් සතු ගෑස් තොග දිවයින පුරා බෙදාහැරීම දැනටමත් ක්‍රියාත්මක කර ඇත. මෙම සියලු ක්‍රියාමාර්ග ගනු ලබන්නේ රට තුළ පවතින ගෑස් සැපයුම ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම සඳහා බව පැහැදිලි වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here