මැදපෙරදිග කලාපයේ උද්ගතවී ඇති ගැටුම්කාරි තත්ත්වය වේගයෙන් උත්සන්නවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය කනස්සල්ල ප්‍රකාශයට පත් කර තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙය කලාපීය ස්ථාවරත්වයට, ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බවය.
මෙම තත්ත්වය සමනය කිරීම සඳහා උපරිම සංයමයෙන් කටයුතු කරන ලෙසත් ගැටුම්කාරි තත්ත්වයට සමනය කිරීමට සඳහා ක්ෂණික හා තීරණාත්මක පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකාව මෙයට සම්බන්ධ සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.
බරපතළ මානුෂීය හා ආර්ථික බලපෑම් සහිත පුළුල් කලාපීය ගැටුමක අවදාන වැළැක්වීම සඳහා සියලු පාර්ශ්වයන් තවදුරටත් ප්රකෝපකාරී පියවරන්ගෙන් වැළකී සිටිය යුතු බව ද ශ්‍රී ලංකා රජය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Saru News













