ගාසා තීරයේ සම්පූර්ණ බලය ඊශ්‍රායලය අත්කර ගත්තාද?

0
4


හමාස් නායක මොහොමඩ් සින්වාර් ඝාතනය වී ඇති බවට දැඩි විශ්වාසයක් පවතින බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. 

ඔහු කියා සිටියේ මුළු ගාසා තීරයම ඊශ්‍රායල පාලනය යටතට ගන්නා බවට තමා පොරොන්දු වන බවයි. 

ගාසා තීරයේ සිටි දස දහස් ගණනක් වූ ත්‍රස්තවාදීන් ඝාතනය කළ බවත් ඒ අතර හමාස් සංවිධානයේ ප්‍රධාන නායකයින් තිදෙනෙකු බොහෝ දුරට සිටිය හැකි බවත් ඊයේ සවස පැවති මාධ්‍ය හමුවකදී ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

කෙසේවෙතත් හමාස් නායක මොහොමඩ් සින්වාර් මියගිය බවට මෙතෙක් තහවුරු වී නැහැ. 

සින්වාර්ගේ මරණය තහවුරු වුවහොත්, එය හමාස් සංවිධානයේ ඉහළ පෙළේ නායකයින් ඉලක්ක කර එල්ල වූ දැවැන්තම ප්‍රහාරයක් වනු ඇති. 

සින්වාර් යනු දකුණු ගාසා තීරයේදී ඊශ්‍රායල හමුදාව විසින් ඉකුත් ඔක්තෝබර් මාසයේදී ඝාතනය කරන ලද හිටපු හමාස් නායක යාහා සින්වාර්ගේ සහෝදරයායි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය, පසුගිය සතියේ සිට හමාස් නායකයින් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරමින් සිටින බවයි. 

එම ප්‍රහාරවලින් පලස්තීනුවන් 28 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබෙනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here