ගාන හොඳටම සැර ෂර්දා! Sri Lanka Latest News

0
3


‘ආෂික්‍යු’හි උන්මාදනීය රංගනයෙන් උතුරු ඉන්දියානු ප්‍රේක්ෂක සිත් ආකර්ෂණය කරගත් ශ්‍රද්ධා කපූර් ගැනයි මෙවර හින්දි ගොසිප් සටහනේ ලියැවෙන්නේ.
ඉන්දියාවේ විතරක්ම නෙවෙයි ‘ආෂික්‍යු’ ශ්‍රී ලංකාවේ සිනමා ලෝලීන් අතරද සුන්දරතම මතක සටහනක් වුණාය කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. ඒ හින්දම තමයි ශ්‍රද්ධා ගැන මෙහෙම ලියන්න හිතුවේ. Sri Lanka Latest News

මේ දවස්වල ශ්‍රද්ධා කපූර් ‘ස්ත්‍රී 2’ :ීඑරුැ 2* ෆිල්ම් එක නිසා ඉන්දියාව පුරා හිට් වෙලයි ඉන්නේ. බොක්ස් ඔෆිස් වාර්තා සියල්ලම පාහේ බිඳදමමින් එක දිගටම හවුස් ෆුල් දර්ශන සමග ශ්‍රද්ධා ප්‍රධාන චරිතයට පණ දෙන ස්ත්‍රී ජයග්‍රාහීව තිරගත වෙනවා.

ඈ ඒ ගැන ඕනෑවට වැඩිය හිතට අරන්ද?
හිතට ගත්ත එක නම් දන්නේ නැහැ. හැබැයි ඈ තමන්ගේ මිල ගණන් හිටි අඩියෙම ගින්දර ගානට උස්සන්න අරගෙන කියලා නම් ආරංචියි. ඒ නිවුස් එක දුන්නේ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදිකා එක්තා කපූර් නම් ප්‍රකෝටිපතිනියයි. සමාජ මාධ්‍ය වෙත ඈ පවසා තිබෙන්නේ තම නවතම චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතය වෙනුවෙන් ශ්‍රද්ධා ඉන්දියානු රුපියල් කෝටි 17ක ලංසුවක් දුන් බවයි.

එක්තා එය ගෙවන්න කැමැති වෙලාද?
කිසිම කේවල් කිරීමක් නැතුව ඈ ඒ ලංසුවට කැමැති වෙලා ඇග්‍රිමන්ට් එකත් සයින් කරලා හමාරයි. විචාරක මතය අනුව අලුතෙන්ම ගණන් බලනවා නම් බොලිවුඩයේ කාන්තා නායිකාවක් චිත්‍රපටයක් වෙනුවෙන් ඉල්ලන ඉහළම ලංසුව විදියට ශ්‍රද්ධාගේ මිල සටහන් කරන්න පුළුවන්.

එතරම් වටිනාකමක් ශ්‍රද්ධාට හිටි අඩියෙම ලැබුණේ ‘ස්ත්‍රී 2’ ත්‍රාසජනක චිත්‍රපටයක් නිසාද?
ඒක ප්‍රධානම හේතුවක්. තවත් කාරණාවක් වෙන්නේ මෑතක ඉඳන් ඈ බොලිවුඩ්වල සුවිශේෂම පුවත් මවන්නියක් වෙලා තියෙන්නේ ඉබේම වාගෙයි. එක්තාගේ නවතම චිත්‍රපට නිෂ්පාදනයේ අධ්‍යක්ෂ වූ රාහි අනිල් බාර්වේ පවසන්නේ ශ්‍රද්ධා ‘ස්ත්‍රී 2’ නිකුතුවත් සමග හිතාගන්න බැරි ගමනක් යන වගයි. දවසින් දවස ආකර්ෂණීය වන ඇගේ තරු බලය නිසාත් බොක්ස් ඔෆිස් වාසනාව නිසාත් චිත්‍රපට නිෂ්පාදකයන් ඈ වටා රොදබඳිමින් සිටින වගය.

ඇගේ ලංසුව ඒ හැමෝටම දිරවයිද?
වචන දෙකක් නැහැ. කොලිවුඩයෙනුත් ඇයට ආරාධනා එන බවටයි ආරංචිය තියෙන්නේ.
උතුරු ඉන්දීය සිනමා තාරකාවන් කොහොමත් ලකී.

හැමෝටමත් ඒ ලක් එක නැහැ. ඒකටත් වෙලාව කලාව එන්න ඕනෑ. මේ ඇවිත් තියෙන්නේ ශ්‍රද්ධා කපූර්ගේ වෙලාව කලාව තමයි.

මල්මි කෞෂල්‍යා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here