මෙරට නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට දැනුම් දෙනු ලැබුවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.
2024 අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමේදී නිෂ්පාදන ආර්ථිකයට අදාළ ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වයක් ලබාදීම සිදු වූ අතර, දිස්ත්‍රික් මට්ටමින් වෙන් කරන ලද එම ප්‍රතිපාදන නිදහස් කිරීමේදී සිදුව ඇති ප්‍රමාදයන් සහ අකාර්යක්ෂමතාව පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කළා.
පසුගිය වසර කිහිපය තුළ ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය නොවීම හේතුවෙන් ග්‍රාමීය ජනතාව ගැටලු රැසකට මුහුණ දී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා; ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන නිසි අයුරින් නියමිත කාල රාමුව තුළ වැය කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර සිටියා.
එමෙන්ම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් පැවැත්වීමේ දී ඒ ඒ දිස්ත්‍රික්කවල පවතින සංවර්ධන අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් අදාළ විෂය භාර අමාත්‍යවරු ද ඊට සම්බන්ධ කර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරු වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නා.
Saru FM Media