ගල්කිස්ස පොලිස් වසමේ වෙරළ පාරට හැරෙන හන්දියේදී අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවද පොලීසිය සඳහන් කළා.
එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ දෙහිවල, ඕබන් පෙදෙසේ පදිංචිව සිටි තරුණයෙක්.
Saru FM Media