ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමේ ක්‍රියාවලිය හරහා ආණ්ඩුව දුෂණයට පාර කපා ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.මරික්කාර් චෝදනා කළේය.
”රුපියලක්වත් හොරකම් කරන්නේ නැති බව ප්‍රකාශ කළ ජාතික ජන බලවේග ආණ්ඩුවේ කෙරුවාව හොදින්ම දැන් පැහැදිලි වී තිබෙනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ අද (29) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.
”ගල් අඟුරු ගෙන්විමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත් වීමට නම් පසුගිය වසර 3 තුළ ගල් අඟුරු මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 5 ක් ගෙන්වා තිබිය යුතුයි. එයින් ගල් අඟුරු මෙට්ට්‍රික්ටොන් ලක්ෂයක් කිලෝ කැලරි 5900 ට හෝ ඊට වඩා ගෙන්වා තිබිය යුතුයි. ඒ වගේම එම සමාගම පසුගිය වසර තුන තුළ ඩොලර් මිලියන 150 ක ආදයමක් උපයා තිබිය යුතුයි. ගල් අඟුරු ගෙන්විමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත් වීමට මෙම සුදුසුකම් සපුරා තිබිය යුතුයි. කෙසේ නමුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත් වීම සඳහා පසුගිය වසර තුන තුළ ගල් අඟුරු මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 5 ක් ගෙන්වා තිබිය යුතුයි යන මුලික සුදුසුකම වෙනස් කර තිබෙනවා. කුඩා සමාගම්වලට මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත් වීම සඳහා එම මූලික සුදුසුකම වෙනස් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. කෙසේ හෝ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දින ගණන අඩු කිරිම හරහා , මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 5 ක් ගෙන්වා තිබිය යුතුයි යන කොන්දේසිය ලක්ෂය දක්වා අඩු කර දුෂණයට පාර කපා තිබෙනවා.”
කෙසේ නමුත් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම හරහා සිදුවු පාඩුව පිළිබඳව තක්සේරුවක් ගත යුතු අතර ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු බොයිලේරුවලට දැමූ පසු බලාගාරයේ උපකරණවලට සිදුවන හානියද ගණනය කළ යුතු බව ඔහු පැවසුවේය.
එමෙන්ම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරුවලින් විදුලිය උත්පාදනය කළ පසු මොගාවොට් 300 ක් උත්පාදනය කිරිමට නොහැකි බවත් ඒ අනුව ඉතිරි විදුලි ප්‍රමාණය ඩිසල් බලාගාරවලින් සපයාගන්නවා නම් ඒ සඳහා අය වන මුදල පිළිබඳව තක්සේරුවක් කළ යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.
”ඒ වගේම මෙම ගල් අඟුරුවලින් පිට කරන අළු ප්‍රමාණය සහ එයින් පරිසරයට වන හානිය ගණනය කර තක්සේරුවක් සිදුකළ යුතුයි. නමුත් වර්තමාන බලශක්ති ඇමැතිවරයා ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්විමේ මාෆියාව වෙනුවෙන් පෙනී සිටිමින්, මේ හරහා රටට සිදුවන නාස්තිය වසන් කරන්න කටයුතු කරමින් සිටිනවා.
Saru News










