ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 20 වැනිදා සිකුරාදා පැවැත්වීමට තීරණය කර ඇත.
මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ විපක්ෂය විසිනි.
ගල්අඟුරු ආනයනයේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙහිදී තොරතුරු රැසක් ඉදිරිපත් කිරීමට විපක්ෂය බලාපොරොත්තුවේ.
ගල් අඟුරු ආනයනයේදී සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද පසුගිය දිනවල දීර්ඝ සාකච්ඡාවක් ඇතිවිය.
Saru News








