මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු ගල් අඟුරු නැවේ ගල් අඟුරුවල ප්‍රමිතියේ අඩුවක් තිබෙන නමුත් ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.1ක පමණ දඩ මුදලක් පනවන බැවින් එයින් රටට පාඩුවක් සිදුනොවන බව ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීහු පවසති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක මහතා පැවසුවේ,
“පළවෙනි නැවේ අපගමනයක් තියෙනවා. අපි ඒකට දඩ මුදලක් ගත්තා. ඒ දඩ මුදල මං හිතන්නෙ ඩොලර් මිලියන 2.1ක් විතර වෙනවා. දෙවැනි නැවේ වාර්තා දෙකම ඇවිල්ලා තියෙනවා. ඒ නැවේ දැනට තියෙන විදියට අපට එහෙම ප්‍රශ්නයක් නැහැ. තෙවැනි නැවත ඇවිල්ලා තවම ගොඩබාමින් පවතිනවා. හතරවැනි නැවත් ඇවිල්ලා – කවදාවත් ඉතිහාසයේ වෙච්ච නැති දෙයක් – අපි නැව් දෙකම දැන් ගොඩබාන්න උපදෙස් දීලා තියෙනවා. ඒවායේ කිසිම සාම්පලයක් විද්‍යාත්මකව, නීත්‍යානුකූලව, නිල වශයෙන් මෙතෙක් අරගෙන නැහැ” යනුවෙනි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා එහිදී නැඟුණු ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ මෙසේය.
ප්රශ්නය – මේ සමාගම ලියාපදිංචි කරලා තියෙන්නෙ ලංකාවේ ටෙන්ඩරය කැඳෙව්වාට පස්සෙ නේද ?
“නැහැ. මේ සමාගමත් එක්ක සමාගම් 6ක් ලියාපදිංචි කළා. ටෙන්ඩරයට කලින් තමයි. ටෙන්ඩරය ඇතුළතදී කිසිම සමාගමක් ලියාපදිංචි කළේ නැහැ”
ප්රශ්නය – ඔවුන් කොයි රටවල්වලටද මීට පෙර ආනයනය කරලා තියෙන්නෙ ?
Saru News










