ගම්පහදී පොලිස් ගිනි අවියකින් වෙඩි වැදී තරුණයෙකුට තුවාල

0
27


ගම්පහ, උඩුගම්පොළ, කොටුගොඩ ප්‍රදේශයේදී පොලිස් ගිනි අවියකින් වෙඩි වැදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.    

ඒ, පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියක් හඹාගෙන ගිය අවස්ථාවේදීයි.

මෙම යතුරු පැදියෙන් පුද්ගලයින් දෙදෙනෙකු පලාගොස් ඇති අතර පසුව පොලිස් නිලධාරියෙකු ඔවුන් හඹාගෙන ගොස් තිබෙනවා.

පසුව සැකකරුවන් දෙදෙනා කොටුකර ගැනීමට පොලිස් නිලධාරියා සමත් වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී සැකකරුවන් දෙදෙනා පලා යාමට උත්සාහ දරා තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේ පොලිස් නිලධාරියා සතු වූ ගිනි අවිය පත්තු වීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here