ගත වූ දින තුනට ලංගමට මිලියන 600ක ආදායමක්

0
23


පසුගිය දින තුන (11,12,13) තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 600 කට ආසන්න ආදායමක් උපයා තිබෙනවා.

ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටී.එච්.ආර්.ටී.චන්ද්‍රසිරි සඳහන් කළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ජනතාවට ගම්බිම් බලා යාමට ශ්‍රී ලංගම බස්රථ ධාවනයට යෙදවීමෙන් එක් දිනකට රුපියල් මිලියන 200 බැගින් මෙම ආදායම උපයා ගැනීමට හැකි වූ බවයි.

මගී ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අතිරේක බස්රථ 350ක් පමණ තුන තුළ ධාවනයට එක් කිරීමට කටයුතු කළ බවයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here