නිශ්මං රණසිංහ පෙබරවාරි 20, කොළඹ LNW
කිරුළපොන ගජබා ක්‍රීඩාංගණයේදී පැවති අවුරුදු 12 න් පහළ පාපන්දු තරගාවලියේ සූරතාවය දිනා ගන්නට වැල්ලවත්ත කිඩ්ස් ෆුට්බෝල් ඇකඩමි කණ්ඩායම සමත් වුණා.අනු සූරතාවය හිමි වුණේ කෝට්ටේ සීඑම්එස් කණ්ඩායමටයි.කිරුළපොන ගජබා ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ ප්‍රධාන සංවිධායකයන් ලෙස වගකීම දැරුවේ තරංග රුක්මාල් සහ අකිල කුමාරසිංහ යි.
කණ්ඩායම් 16 ක් තරග වැදුණු,පෙබරවාරි 15 වන දින ගජබා ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වන්නට සමත් වූයේ කොට්ටේ සීඑම්එස් කණ්ඩායමේ නායකත්වය දැරූ හිරුෂ තිහාරයි.කිඩ්ස් ෆුඩ්බෝල් ඇකඩමි කණ්ඩායමට සූරතාවය අත් කර දීම සඳහා අවසාන තරගයේදී කැපී පෙණුන දස්කම් දැක් වූ මුහම්මද් තන්විර් අවසාන තරගයේ වීරයා ලෙස නම් කරනු ලැබුවා.තරගාවලියේ හොඳම ගෝල රකින්නා ලෙස නම් කරනු ලැබුවේ ද එම කණ්ඩායමේ තිවේයින් ඩයස් ය.
ඇතැම් කණ්ඩායම් මේ තරගාවලියට එම වයස් කාණ්ඩයේ ක්‍රීඩිකාවන් ද ඇතුළත් කර තිබෙනු දකින්නට ලැබුණු අතර එම ක්‍රීඩිකාවන් සම වයසේ ක්‍රීඩකයන් සමඟ කරට කර තරඟ වදිනු දකින්නට ලැබුණා.මෙවැනි තරගාවලි පාපන්දු පරිපාලනයේ ද අවධානයට ලක් විය යුතු අතර ඉතා දක්ෂ රැක ගත යුතු අනාගතයට වැදගත් සම්පත් රාශියක් සිටින බව මේ තරගාවලියේ දක්ෂතා හරහා සහතික වූවා.
තරගාවලියේ අවසාන තරගය විදුලි ආලෝක මධ්‍යයේ පැවත්වීම කුඩා ක්‍රීඩකයන්ට අලුත්, විනෝදාත්මක අත්දැකීමක් ද වුණා.මේ සමග වන ඡායාරූපයේ ජයග්‍රාහී කණ්ඩායම සහ තරගාවලියේ දක්ෂතාම ක්‍රීඩකයා වූ හිරුෂ තිහාර දැක්වෙනවා.

The post ගජබා පාපන්දු කිරුළ කිඩ්ස් පාපන්දු ඇකඩමියට appeared first on LNW Sinhala.
Saru News










