ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඔහු දැනටමත් තම තීරණය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් ඉහළ පෙළේ නිලධාරීන් එම තීරණය නැවත සලකා බලන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වුණේ.
එංගලන්තය සමඟ තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ඉදිරියේ දී පැමිණීමට ද නියමිත බැවින් තීරණය පිළිබඳව ඒ නැවත සිතා බලන ලෙස කෝලිගෙන් ඉල්ලා ඇති බව සඳහන්.
මේ වනවිට 36 හැවිරිදි වියේ පසුවන කෝලි ටෙස්ට් තරඟ 123 කට සහභාගී වී ඇති අතර, 46.85ක සාමාන්‍යයකින් ලකුණු 9,230ක් රැස් කරගෙන සිටිනවා.
මේ අතර ඉන්දීය ටෙස්ට් නායකයා ලෙස කටයුතු කළ රෝහිත් ෂර්මා ද පසුගියදා ටෙස්ට් පිටියෙන් විශ්‍රාම යන බව නිවේදනය කළා.
Saru FM Media