රුපියල් දෙකෝටි හැත්තෑ හය ලක්ෂ විසි දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (09) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 27 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකි .
ඔහු අද අලුයම 12.10 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 762 ක ප්‍රමාණය පැකැට් 06 ක් ලෙස සකස් කර සගවා ගෙන තිබුණි .
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා අද මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
Saru News
















