කෝටි ගානක් වටිනා විස්කි බීපු – ආරක්ෂකයන් පිරිවරාගෙන හිටපු – තරු පහේ හෝටල්වල ජීවත් වුණු – ක්ලබ් වසන්තට අද වෙලා තියෙන දේ! Sri Lanka Latest News

0
3


සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත 2024 ජූලි මස 08 වැනිදා අතුරුගිරිය රූපලාවණ්‍යාගාරයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ එම ආයතනය තුළදී ආයුධ සන්නද්ධ කණ්ඩායමක් පැමිණ වෙඩිතබා ඝාතනය කරන ලදී. Sri Lanka Latest News

වසන්ත යනු සමාජ මාධ්‍ය තුළ වඩාත් ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වී සිටි අයෙකි. කැරොකේ සමාජ ශාලා හිමිකරුවකු වූ වසන්ත හට නොයෙකුත් ආකාරයේ චෝදනා එල්ල වී තිබිණි. වසන්ත ගෙවන Luxury Life එක පිළිබඳ ඔහු පළකළ විඩීයෝ මගින් බොහෝ අවස්ථාවන්වලදී අපට දැකගත හැකිවිය.
විටෙක කෝටි ගණන් වටිනා මත්පැන් තොල ගාමින් ආරක්ෂකයන් පිරිවරාගෙන තරු පන්ති හෝටල් තුළ ඔහු ජීවත් වූ ආකාරය පිළිබඳ ඔහු විසින්ම සමාජයට පෙන්විය. නමුත් මේ කිසිවක් ඔහු රැගෙන ගියේ නැත. අද වනවිට ඔහුට ඉතිරිව ඇත්තේ දිරාපත් වෙමින් පවතින අවර්ණ වූ ඡායාරූපයක්, ගල් කැබැල්ලක් සහ නිවීගිය ඉටිපන්දමක් පමණි.

කන බොන වෙලාවට ඔහු පසුපස සිටි කිසිවකු අද නැත. පණ දෙන්නට ළඟින් සිටි කිසිවෙක් අද නැත. ඔහුගේ ආරක්ෂකයන් අද නැත. ඔහුගේ මුදල්වලට කළ හැකි කිසිවක් අද නැත. ඔහුගේ බලය අද නැත. ඔහුගේ සොහොන් කොතක්වත් එහි නැත. තව වසර කිහිපයක් යන විටදී මෙම ස්ථානය හඳුනා ගැනීමටවත් නොහැකි ලෙසට සොබාදහම විසින් ගිලගනු ඇත.

මිනිසුන් තේරුම්ගත යුතු යථාර්ථය මෙයයි. අපි එන්නේත් තනියම යන්නේත් තනියම. ඒ යන ගමනේදී අප ඉපැයූ කිසිදු දෙයක් අපි රැගෙන යන්නේ නැත. නිරුවතින් ඉපදෙන මිනිසා බලය ධනය හමුවේ උන්මත්තකයකු වී මිරිඟුවක් පසුපස දිවගොස් අවසානයේ නිරුවතින්ම මේ මහ පොළොවට පස්වී යනු ඇත. ඔබගේ ආදරණීයයන්ට පවා ඔබ පිළිබඳ සියලු මතක ක්‍රමක්‍රමයෙන් අමතක වී යනු ඇත. අවසානයේදී ඔබගේ කය මිහිදන් කළ ස්ථානයක්වත් සොයාගත නොහැකි වන තරමට සමාජයට ඔබව අමතක වී යනු ඇත. එම නිසා සියලු දෙනා සමග සුහදව මේ ජීවත්වෙන කෙටි කාලයේදී කටයුතු කරන්න. මේ සිදුවීම් කාට කාටත් හොඳ පාඩමකි…

රහස් රැසක් ගිලගත් බොරැල්ල කනත්තේ සිට.
සටහන – Tharindu Fernando
කොටියා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here