Saturday, May 24, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් කෝටි 750ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව්දෙනකු කටුනායකදී...

කෝටි 750ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව්දෙනකු කටුනායකදී අත්අඩංගුවට

0
3


four-sri-lankan-air-passengers-arrested-in-katunayake-with-kush-drugs-worth-rs-750-million

රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ඒවා කටුනායක ගුවන්තොටුපොළ ව්‍යාපාරිකයන් සඳහා වන රක්ත මාවත ඔස්සේ පිට කරගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිවුදෙනකු 21 වැනි දින පස්වරුවේ ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ – 02 ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, ගුවන්තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතියද නිරීක්ෂණය කිරීමෙන් මෙම කල්ලියේ අනෙකුත් සාමාජිකයන් තිදෙනා හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
ඔවුන් අතර කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සැමියා සමඟ සිටි 42 හැවිරිදි බිරිය මෙන්ම, කොළඹ -15 ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුද අත්අඩංගුවට ගෙන සිටී. මොවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදී ගෙන ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත පැමිණ එතැන් සිට 21 වැනි දින පස්වරු 08.51ට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1183 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.


තායිලන්තයේ මේ වන විට මෙම මත්ද්‍රව්‍ය විවෘත වෙළඳපොළ තුළ පහසුවෙන් මිලදී ගත හැකි හෙයින්, එරට සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් දැඩි පරීක්ෂාවකට ලක්කරන අතර එම අවදානමෙන් මිදීම සඳහා මොවුන් ඉන්දියාවේ බැංගලෝර් වෙත පැමිණ මෙරටට පැමිණ තිබේ. ඔවුන් විසින් ගෙන ආ ගමන් මලු එහි ඇති සියලුම භාණ්ඩ ඉවත් කළද පහසුවෙන් හඳුනාගත නොහැකි වන සේ ඉතා සූක්ෂම ලෙස සකස් කළ ව්‍යාජ පතුල් තුළ මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සඟවාගෙන තිබූ බව රේගු නිලධාරීහු පැවසූහ.
ඔවුන් විසින් රැගෙන ගිය මෙවැනි ගමන් මලු 04ක් තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 07යි ග්‍රෑම් 150ක ප්‍රමාණයක් සඟවාගෙන තිබී, රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගත් පිරිස සමඟ මෙම මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.
රේගු නිලධාරීන් පවසන්නේ අත්අඩංගුවට ගත් පිරිස දීර්ඝ කාලයක් මෙම ක්‍රියාකාරකම්වල යෙදී සිටි සැකයක් පවතින බවයි. කුෂ් මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින අතර එම නිසා කිලෝගෑමකට ලක්ෂ දහයකට වඩා වැඩි මිලක් ගන්නා බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කියයි. මෙම සැකකරුවන් විසින් ගෙන ආ මත්ද්‍රව්‍ය ප්‍රමාණය මගින් ගණන් කළ නොහැකි තරම් සමාජ හානියක් සිදුවනු ඇතැයි ඔවුහු අනතරේ සඳහන් කළහ.
ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් තවදුරටත් සඳහන් කරන්නේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නන් නිරන්තරයෙන් නව ක්‍රමවේද භාවිතා කරන බවයි. මෙවර සැකකරුවන් ගමන් මලුවල ව්‍යාජ පතුල් සකස් කර තිබූ අකාරය අතිශයින්ම සූක්ෂම වූ අතර සාමාන්‍ය පරීක්ෂණවලින් හඳුනාගැනීම දුෂ්කර වනු ඇතැයි ඔවුහු කියයි. කෙසේ වෙතත් අත්දැකීම් සහිත රේගු නිලධාරීන්ගේ සැක කිරීම් සහ නිරීක්ෂණ හේතුවෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය හඳුනාගැනීමට හැකි වූ බව ද ඔවුහු පවසති.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වන අතර සැකකරුවන්ට මෙම මත්ද්‍රව්‍ය සැපයූ ජාලය සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට කටයුතු කරයි. සැකකරුවන් තායිලන්තයේ කුමන ප්‍රදේශවලින් මෙම මත්ද්‍රව්‍ය මිලදී ගත්තේද, ශ්‍රී ලංකාවේ කුමන ජාලයකට ඒවා ලබාදීමට සැලසුම් කර තිබූවාද යන්න පිළිබඳවද විමර්ශන පවත්වයි.
ගුවන්තොටුපොළ ආරක්ෂක අංශවල නිලධාරීන් පවසන්නේ මෙවැනි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම සඳහා අඛණ්ඩ නිරීක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇති බවයි. විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවලින් පැමිණෙන ගුවන් මගීන් දැඩි පරීක්ෂණවලට ලක් කරන අතර සැක සහිත හැසිරීම් පෙන්වන ගුවන් මගීන් වෙන්කර හඳුනාගන්නා බව ඔවුහු කියයි. සැකකරුවන් සිව්දෙනා නිකුත් වීමට තැත් කළ රක්ත මාවතේ අවසන් පරීක්ෂණයේදී ඔවුන්ගේ ගමන් මලු සැකසීමේ අකාරය සම්බන්ධයෙන් රේගු නිලධාරීන්ගේ සැකය ඇති වූ බව ද ඔවුහු සඳහන් කරති.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here