කෝටි 21ක රත්‍රං හොර පාරෙන් රටට ගෙන ඒමේ තැතක් කටුනායකදී වරදී

0
6


රත්තරන් තොගයක්, වාහන අමතර කොටස් තුළ සඟවා ගෙන, කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සඳහා වූ “රක්ත මාවත”‍ ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින්. ඔවුන් දෙදෙනා ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් ගෙන ආ ගමන් මලු‍ තුළ කිලෝ ග්‍රෑම් 06යි ග්‍රෑම් 700ක් බර රත්‍රං තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සොයා ගෙන තිබෙනවා. 

සැකකරුවන් වාහන බෙයාරිං පද්ධති දෙකක් තුළ රන් බිස්කට් 21ක් සඟවාගෙන මෙරටට රැගෙන ඒමට උත්සහ දරා ඇති බව ගුවන් තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. 

තවත් රන් කුට්ටි කිහිපයක් වාහන සිසිලන පද්ධතියකට අදාළ ජල පොම්ප කැබැලි තුළ එම හැඩයට උණු කර සකස් කර තිබීයදී සොයාගෙන තිබෙනවා. 

එලෙස සොයා ගත් රත්‍රංවල වටිනාකම රුපියල් කෝටි 21 ක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 46 සහ 26 යන වයස්වල පසුවන මහනුවර සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන්. 

ඔවුන් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත ගුවන් ගමන්වල නිරත වෙමින් විදේශ රටවලින් විවිධ භාණ්ඩ මෙරටට ගෙනැවිත් දීමේ ක්‍රියාවලියක නිරත වී සිටින්නන් බවයි අනාවරණ වී ඇත්තේ.            

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here