සටහන – රුවන් නෙළුගොල්ල
ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ බලය අනිවාර්යයෙන්ම අත්පත් කරගන්නා බව විදේශ කටයුතු, සංචාරක හා විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් පවසයි.
“ගොඩක් අය වැඩිම අවධානය යොමුකරලා තියෙන්නෙ කොළඹ නගරසභාවට. කොළඹ නගර සභාව ගත්තොත් අපි වැඩිම මන්ත්‍රී ධුර ප්‍රමාණයක් ගත්ත පක්ෂය. මන්ත්‍රී ධුර 48ක් අපට තියෙනවා. පරාජිත සජබට තියෙන්නෙ මන්ත්‍රී ධුර 29 යි. එයාලාගෙ නගරාධිපති අපේක්ෂකයාත් කොට්ඨාසය පරාදයි. පරාදවෙලා තියෙන්නෙ මාලිමාවේ අපේ අවුරුදු 19ක තරුණ කාන්තාවකට. ලැජ්ජා හිතෙන්නෙ නැද්ද ? කොට්ඨාසෙත් පැරදිච්ච සජබෙ දැන් කතා කරනවා නගරසභාවෙ බලය අල්ලන්න. ඉතින් එහෙම හැකියාවක් නැහැ. අපි කොළඹ නගරසභාවේ පැහැදිලිවම මාලිමාවේ පාලනයක් පිහිටුවනවා, ඒ ස්ථිර විශ්වාසය අපට තියෙනවා. අපි ඉතා වගකීමෙන් කියනවා ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභා, නගරසභාවල බලය පිහිටුවන්න කිසිදු කෙනෙකුට සල්ලි දීලා, වරදාන දීලා, එහෙම නැත්නම් වෙන සම්පත් දීලා මන්ත්‍රීවරු ඩැහැගන්න ඒ විකෘති, ජරාජීර්ණ, පරණ ක්‍රමය පාවිච්චි කරන්නෙ නෑ. අපි ලබාගත්ත ජයග්‍රහණයට ශක්තියක් වෙන්න වෙනත් මන්ත්‍රීවරු කැමති නම් ඒ අයත් එක්ක වගකීම් බෙදාගෙන මේ පළාත් පාලන ආයතනවල බලය ගෙනියන්න අපි සූදානම්”
විජිත හේරත් අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 11) ගම්පහදී පැවති ජනහමුවක් අමතමිනි.
Saru FM Media