කොළඹ, ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ, මහානාම විද්‍යාලය අතර පැවති එක්දින තරගයෙන් කඩුලු 03ක ජයක් හිමිකර ගැනීමට කොළඹ, මහානාම විද්‍යාලය අද සමත් වුණා.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය පන්දුවාර 36කට සීමා කෙරුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ, ඩී.එස්. සේනානායක විද්‍යාලය, පන්දුවාර 29යි පන්දු 03ක් තුළදී සියලු දෙනා දැවී ලකුණු 116ක් රැස් කළා.
ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව පන්දු වාර 24කදී ජයග්‍රහණය සඳහා කොළඹ, මහනාම විද්‍යාලයට හිමි වූ ඉලක්කය ලකුණු 95ක්.
ඒ අනුව කොළඹ, මහානාම විද්‍යාලය පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේදී කඩුලු 07ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.
Saru FM Media