කොළඹ මහනගර සභා බලසිමාව තුළ වාහන නතර කර තැබීම වෙනුවෙන් ගාස්තු අයකිරීම අත්හිටුවා ඇත.
කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය ප්රමුඛ නාගරික මන්ත්‍රී කණ්ඩායම සහ මහනගර සභාවේ නිලධාරීන් එක්ව අද(18) මෙම තීරණය ගත් බව නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා ජනතාවට දැනුම්දුන්නේය.
ලෝක තත්වයන් හේතුවෙන් රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගෙන ජනතාවට පහසුවක් සැලසීමේ වෙනුවෙන් මෙම තීරණය ගත් බව නියෝජ්‍ය නගරාධිපතිවරයා වැඩිදුරටත් දැනුම්දුන්නේය.
ඒ අනුව නැවත දැනුම්දෙන තුරු මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇත.
Saru News
















