කොළඹ නගර සභාවේ බලය අල්ලන්න පැලවත්තේ ලොකු මෙහෙයුමක්! සජබ මන්ත්‍රීවරුන්ගේ ඔළුවලට මිලියන ගාණක ඔෆර් එකක්! ඔක්කොම හොරු කියපු අය දැන් කොහොමද හොරුත් එක්ක එකතු වෙන්නේ? මරික්කාර්ගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

0
4


කොළඹ නගර සභාවේ බලය ඇල්ලීම සදහා මේ වනවිට පැලවත්තෙන් සජබ මන්ත්‍රීවරුන්ට මිලියන ගණනක මුදල් ලබා දීමට යෝජනා කරමින් සිටින බවට එස්. එම්. මරික්කාර් මහතා අද දින පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.Sri Lanka Latest News

මාස හතක් තිස්සේ ඒගොල්ලෝ විපක්ෂයේ ඉන්නවා වගේ අපිට බැන බැන හිටපු කට්ටිය ජනාධිපතිවරණයේදී, 5,740,179 ක් අරගෙන මහ මැතිවරණයේ දී 6,863,186 ට වැඩි කරලා දැන් 4,503,930 ට අඩු කරගෙන තියෙනවා. චන්ද ලක්ෂ 23 ක් වැටිලා නැහැ මාස හයක් ඇතුළත. අපිට බනින්න එපා. ජනතාවට බොරු කියපු එකේ බොරු කරපු එකේ අන්දපු එකේ, විපාක දීලා තියෙනවා. ඒ නිසා කරුණාකරලා දැන්වත් දැන් මැතිවරණය ඉවරවෙලා තියෙන්නේ, දැන් බොරු කියන එක නවත්වන්න. විපක්ෂයක් විදිහට අපිටත් වගකීමක් තියෙනවා රටේ ප්‍රශ්නවලදී රජයට සහයෝගයක් ලබා දෙන්න. ඒක අපි ලබාදිය යුතුයි. ඒක ඇමරිකන් බද්ද සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යුරෝපා සංගමයේ GSP + එක සම්බන්ධව වෙන්න පුළුවන්. ආර්ථික වර්ධන වේගය සම්බන්ධ වෙන්න පුළුවන් , ආදායම් උත්පාදනය සම්බන්ධව වෙන්න පුළුවන්, ආයෝජකයෝ ලංකාවට ගේන එක සම්බන්ධව වෙන්න පුළුවන්. ඒ නිසා ජනතාවට දැන් ඒ අවශ්‍ය දේ කරගන්න අපි වුණත් ඒ සහයෝගය දෙන්න ඕනේ. හැබැයි ආණ්ඩුව බොරු කියන එක නවත්වන්න ඕනේ . මොකද ලක්ෂ විසිතුනක් ඡන්දෙ දාල නෑ.

දැන් කලින් කතා කරපු ඇමතිතුමාගේ රිදීමාලියැද්ද යි, මහියංගනයයි ප්‍රාදේශීය සභා සමානයි. කොහොමද එහෙම උනේ ඔච්චර වැඩ්ඩො නම්. බදුල්ල දිස්ත්‍රික්කයේ විතරක් ඡන්ද ලක්ෂයක් අඩුවෙලා තියෙනවා.

දැන් යනවා ඩීල්. ඔක්කොම හොරුනේ. ඒගොල්ලො විතරයි හොඳ. කොළඹ නගර සභාවේ ඔලු ගෙඩියකට මිලියන ගණන් ඔෆර් කරනවා. කොහොමද හොරුත් එක්ක එකතු වෙන්නේ බලය සඳහා.

මේ වෙනකොට හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීම සඳහා විපක්ෂයේ පක්ෂයක මන්ත්‍රීවරයෙක් පැලවත්ත කාර්යාලයේ සාකච්ඡා සඳහා යනවා කියලා අපිට ආරංචි. ඒගොල්ලෝ දැන් උත්තරයක්දී ස්වාධීන කණ්ඩායම්වලට ඒගොල්ලෝ කතා කරනවා කියලා. කොළඹ මහ නගර සභාවේ සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට සහ අනිත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතා කරනවා. මිලියන ගණන් දීලා ගන්න කතා කරන්නේ. මං අහන්නේ එතකොට මේ සල්ලි කොහෙන්ද? සල්ලි වලට එකතු වෙන්න පුළුවන්ද හොරු එක්ක. 48ක් ගත්තු අයට උත්සාහය අතාරින්න නිකන් ඉන්න කියලා අපි කියන්නේ නැහැ. ඒක දේශපාලනයේ හැටි.;හැබැයි ඒගොල්ලන්ට අනුව, ඒගොල්ලොනේ කිව්වේ මහ හොරු පැරද්දුවා, පොඩි හොරු පරද්දමු. පරද්දලා දිනලා ඇවිල්ලා පොඩි හොරුන්ට ඔෆර් දෙනවා එකතු වෙන්න කියලා. මාර වැඩක් නෙ මේක.

දැන් අපිට පණිවිඩයක් දීලා තියෙනවා ජනතාව , විපක්ෂයේ සියලූ පක්ෂ ඒකාබද්ධ වෙලා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ කටයුතු කරන්න කියලා. අපිට ඒක කරන්න පුළුවන්. හැබැයි ඔබතුමන්ලාට ජනවරමක් ලැබුණේ මේ අයත් එක්ක එකතු වෙන්න නෙමෙයි. අපි කියන්න ඕන ඔයගොල්ලන්ට මේවත් එක්කම ජන මතයක් නැහැ ඔයාලට කියලා . ජනවාරමේ තරම තේරුම් ගන්න කිය කියානෙ මාස හයක් හතක් තිස්සේ මෙතන ඉඳන් අපිට දුන්නේ. ඕන් දැන් ජනතාවම පෙන්නලා තියෙනවා.

ජනාධිපතිතුමා මේ දවස්වල රට රටවලට යනවා . මං දන්නෙ නෑ ඒ රටවල් වලින් මොනවද හම්බ වුණේකියලා. හැබැයි අපේ ඒවා නම් දෙනවා. ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් එකක්වත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ.කොහොමද මේගොල්ලෝ හැසිරෙන්නේ ?

කැම්පේන් එක වෙන කණ්ඩායමක් කරලා පක්ෂ යන්ත්‍රණය වෙන කණ්ඩායමක් කරනවා කියලා කියනවා. ඒවා අපිට වැඩක් නෑ හැබැයි ඒවා ඉදිරියේදී එයි. එකම ඉල්ලීමයි කරන්නේ දෙවියන්ගේ නාමයෙන් බොරු කියන එක නවත්වන්න. බොරු කරන එක රවට්ටන එක නවත්වන්න. දැන්වත් ඇත්ත කියන්න. මෙතන ප්‍රශ්නයක් අවුලක් තියෙනවා.ඒ නිසා ඒ ටික අපි හදාගමු. ඒක හදාගන්න අපිට ඕගොල්ලො උදව් කරන්න කියලා .

දැන් තව අවුරුදු තුන හතරකට මැතිවරණයක් නැහැ. එනිසා දැන් බොරුකරන එක කියන එක නවත්වලා ජනතාවට ඇත්ත කියලා , දැන් ඕගොල්ලන්ට ජන මතයක් නැහැ කියන එක පිළිඅරගෙන කටයුතු කරන්න කියලා ඉල්ලමින් මගේ කතාව අවසාන කරනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here