සටහන – පුලී
මැයි 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ආදරය පවා ඩිජිටල්කරණය වූ යුගයක ආදරය යන භූමිකාවට භූගෝලීය සහ සමාජීය වශයෙන් මිනිසුන් සම්බන්ධ වන ආකාරය විප්ලවීය ලෙස වෙනස් වෙමින් පවතී. අන්තර්ජාල තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ මිනිසුන්ට ආදරය, මිත්‍රත්වය හෝ සරල සංවාදයක් පැවැත්වීමට පවා ඩේටින්ග් යෙදුම් මත යැපීම අදකාලේ සුලබ කරුණකි.
එක් බොත්තමක් ක්ලික් කළ පමණින් ආදර සම්බන්ධයක් ඇති කරගැනීමට දැන් ඔබට පුළුවන. ඒ වැඩෙත් හරියට කජු කනවා වගේය. මිලියන ගණනක ජනතාව මෙම ඩේටින්ග් ඇප්ස් හරහා තම තමන්ගේ උවමනා එපාකම් වලට සුදුසු සහකරුවන්, සහකාරිනියන් හොයන්නේ දිවා රෑ නොබලාය.
එහෙත් මෙම පහසුව පිටුපස අඳුරු යථාර්ථයක් පවතී. වර්තමානය වනවිට මෙහි පරිශීලකයින් තුළ විශේෂයෙන් කාන්තාවන්, LGBTQ+ ප්‍රජාවන් මුහුණ දෙන සයිබර් හිරිහැරවල වර්ධනය වන රැල්ලක් නිර්මාණය වී තිබේ. මෙම ගැටලුකාරී තත්ත්වය සයිබර් හිංසනය ලෙස හඳුන්වනු ඇත.
සයිබර් හිංසනය සිදුවියහැකි අවධීන්;
සයිබර් හිංසනය ගැන කතා කිරීමේදී ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගික දිශානතිය නොසලකා ඕනෑම කෙනෙකු මෙහි ඉලක්කයක් බවට පත්විය හැකිය.
බලහත්කාරකම්, තර්ජන, අනුකරණයන් සහ බ්ලැක්මේල් වැනි උපක්‍රම මත සිදුවන මෙම කායික මානසික වශයෙන් බලපාන හිංසන ක්‍රියාවලියන් තුළින් බොහෝ විට වින්දිතයින් බියෙන් හෝ ලැජ්ජාවෙන් නිහඬව සිටිනු ඇතැයි උපකල්පනය කරයි.
නිහඬ පිළිවෙත නොසලකා නීතිමය ක්‍රියාවලියකට යාම දිගු හා චිත්තවේගීය වශයෙන් ඔළුවට බර විය හැකි වුවද, ශක්තිමත් නීති උපදෙස් සහ ප්‍රජා සහයෝගයෙන් ඊට එරෙහිව සාධාරණයක් සහ සහනයක් ලබා ගැනීමට හැකියාව පවතිනු ඇත.
විශේෂයෙන් සයිබර් හිංසනයට ගොදුරු වූවන් තරුණ පුද්ගලයින් වේ.
ඇතිවන සයිබර් හිංසනයන් විසඳීමේ අභියෝග;
Saru FM Media