කොල්ලකෑමකට සම්බන්ධ පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇතුළු 04ක් රක්ෂිත බන්ධනාගාරයට

0
13


පුද්ගලයකු පැහැරගෙන ගොස් මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනූ ලැබූ වැලිකඩ පොලිසියේ කොස්තාපල්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 04 දෙනකු ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම නියෝගක නිකුත් කර ඇත්තේ, කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්, රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවය.
විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බවට පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු පිළිගත් මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි සැකකරුවන් ලබන 01 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔවුන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කර තිබේ.
මෙම සැකකරුවන් පිරිස කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කෙසෙල්වත්ත පොලිස් වසම තුළදී පුද්ගලයෙකු පැහැර ගෙන රුපියල් ලක්ෂ 16ක් මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙනි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here