කොරෝනා ගැන හරියටම දැන ගන්න..

0
4

මොනවාද රෝග ලක්ෂණ?

  • උණ.
  • කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව.
  • ඇඟපත වේදනාව.
  • හුස්ම ගැනීමේ අපහසුතා.

අවදානම් කාණ්ඩ කවුද?

  • වයෝවෘද්ධ පුද්ගලයන්.
  • කුඩා දරුවන්.
  • දියවැඩියාව,අධි රුධිර පීඩනය ආදී නිදන්ගත
  • රෝග ඇති අය.
  • ප්‍රතිශක්ති ඌණතා ඇති අය.

රෝග ලක්ෂණ ඇති වුවහොත්…

  • රජයේ රෝහලකින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
  • වැඩිදුර දැනුවත් වීමට 117 අමතන්න.
  • පොදු ස්ථානවලට යාමෙන් වළකින්න.
    විවේක ගන්න.
  • ජීවිත අවදානම් ඇති කාණ්ඩ වෙත යාමෙන් වළකින්න.

වැළකීමට ගත හැකි පියවර.

1. ජනාකීර්ණ ස්ථාන වල ගැවසීම මඟ හැරීම

2. නිතර අත් සේදීම. සාමාන්‍ය සබන් ප්‍රමාණවත් ය. ජලය සපයා ගත නොහැකි නම් සැනිටයිසර් එකක් භාවිතා කරන්න.

3. තමන් ලඟ ඉන්න කෙනා සමග මීටරයක දුරක් තබා ගන්න.

4. කහින විට නාසය සහ කට වසා ගැනීම. ලේන්සුවක් හෝ වැලමිට ඇතුළු පැත්ත භාවිතා කරන්න.

5. ඇස්, නාසය,කට ඇල්ලීමෙන් වළකින්න.

6. අනිත් අයව ස්පර්ශ කිරීම,වැලඳ ගැනීම හා අතට අත දීම හැකි තාක් අඩු කරන්න.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here